පෙබරවාරි 25, 2025
tami eng youtube  twitter facebook

    මිනුවන්ගොඩ මූලික රෝහලේ ඉදිකෙරෙන තාවකාලික වාට්ටුවේ ඉදිකිරීම් පරික්ෂාවට

    මැයි 13, 2021

    කොවිඩ් ප්‍රතිකාර රෝහල් ආශ්‍රිතව පහසුකම් පුළුල් කිරීමේ වැඩපිළිවෙල යටතේ මිනුවන්ගොඩ මූලික රෝහලේ ඉදිකෙරෙන තාවකාලික වාට්ටුවේ ඉදිකිරීම් සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පසුගිය දා පරික්ෂා කළේය.

    මෙම තාවකාලික වාට්ටුව දින 02 ක් තුළ ඉදිකිරීම් අවසන් කර සෞඛ්‍ය අංශයට භාරදීමට නියමිතයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතාගේ සංකල්පයකට අනුව වැඩසටහන ක්‍රියාත්මකයි.
    මුල් අදියර යටතේ රොහල් 13 ක් ආශ්‍රිතව මෙම තාවකාලික වාට්ටු ඉදිකෙරෙන අතර ගම්පහ දිස්ත්‍රික්කයේ මිනුවන්ගොඩ, වතුපිටිවල හා මීරිගම රෝහල් ආශ්‍රිතව මෙම තාවකාලීක රෝහල් වාට්ටු ඉදිකර ඇත. මෙම වාට්ටු සදහා අවශ්‍ය ඇදන්, සෞඛ්‍ය උපකරණ ද ලබාදීම මෙම ව්‍යාපෘතිය යටතේම සිදුවන බව ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya