පෙබරවාරි 25, 2025
tami eng youtube  twitter facebook

    එළඹෙන ජූනි මාසයේ සිට පෙරපාසල් ගුරුවරුන් සඳහා රුපියල් 2500ක දීමනාවක්- රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත

    මැයි 13, 2021

    එළඹෙන ජූනි මාසයේ සිට පෙරපාසල් ගුරුවරුන් සඳහා රුපියල් 2500ක දීමනාවක් ලබා දීමට කටයුතු කරන බව කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා පැවසීය.

    රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද (13)zoom තාක්ෂණය ඔස්සේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමිණි.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා සඳහන් කළේ, මෙම වැඩපිළිවෙල අදියර තුනක් යටතේ ක්‍රියාත්මක වන බවයි. ජූනි මාසයේ ලබා දෙන මෙම දීමනාව පෙරපාසල් ගුරුවරු 38,774කට ලබා දෙන බවත් ඒ අනුව පවතින වසංගතය හමුවේ වුවද නොකඩවා එම දීමනාව ලබා දීමට කටයුතු කරන බවද අමත්‍යවරයා අවධාරණය කළේය.

    මෙරට ලියාපදිංචි පෙරපාසල් ගුරුවරු 46095 සිටින බවත් උතුරු නැගෙනහිර පළාත් වල පෙරපාසල් ගුරුවරුන් සඳහා දැනට එම පළාත් සභා මගින් ද විශේෂ දීමනාවක් ලබා දෙන පැවසූ අමාත්‍යවරයා මේ සඳහා මුදල් අමත්‍යංශය මේ වන විටත් එකගතාවය පළ කර ඇතැයිද කීය.

    කොවිඩ් වසංගතය හමුවේ පෙර පාසල් දරුවන් වෙනුවෙන් විශේෂ රූපවාහිනී නාලිකාවක් හඳුන්වා දීම සඳහා ඉදිරියේදී කටයුතු කරන බව පැවසූ අමාත්‍යවරයා මාධ්‍ය නාලිකා සමග මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරන බවද පැහැදිළි කළේය.

    පසුගිය මාස කිහිපය තුළ පෙර පාසල් විෂය පතයට විශාල වෙනසක් සිදු කරමින් මෙතෙක් කලක් අවිධිමත්ව පැවති පෙරපාසල් විෂය පතයට නව ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීමට හැකි වූ බවද රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

    මීට අමතරව පෙර පාසල් ගුරුවරුන්ගේ සුභසාධනය වෙනුවෙන් කටයුතු රැසක් ක්‍රියාත්මක වන බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

     

     

     

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya