පෙබරවාරි 24, 2025
tami eng youtube  twitter facebook

    ඇඳන් 10000 ක් ව්‍යාපෘතියේ ඇඳන් පරිත්‍යාග කිරීම ඇරඹෙයි

    මැයි 13, 2021

    කොවිඩ් -19 ආසාධිතයන්ගේ පිහිටට තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ සංකල්පයකට අනුව ඇරඹි දින 10 න් ඇඳන් 10000 ක් ව්‍යාපෘතියේ නිමකළ ඇඳන් ඒ ඒ ප්‍රතිකාර මධ්‍යස්ථානවලට ප්‍රදානය කිරීම මේ වනවිට ආරම්භ වී තිබේ.

     

    අමාත්‍ය චමල් රාජපක්ෂ, රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහත්වරුන්ගේ මැදිහත්වීම මත ඉංජිනේරු කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශන කාර්යංශය විසින් අබලන්ව පැවති හදිසි ප්‍රතිකාර ඇඳන් 200ක් ඇතුළුව ඇඳන් 700ක් භාවිත කළ හැකි ලෙස සකස් කර ඇත.

    මේ අතර ග්‍රාමීය නිවාස සහ ඉදිකිරීම් හා ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතාගේ මැදිහත්වීමෙන් රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ යාන්ත්‍රික වැඩපළ තුළ නිමකළ ඇඳන් 50ක් තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාට භාරදීමෙන් අනතුරුව කොස්ගම රෝහලට ලබා දී තිබේ.

    කොවිඩ් ආසාධිත කාන්තාවන්ට ප්‍රතිකාර කළ හැකි ඇඳන් 250කින් යුතු අන්තර් කාලීන ප්‍රතිකාර මධ්‍යස්ථානයක් බවට පත්ව ඇති ගම්පල යොවුන් සේනාංක මධ්‍යස්ථානය ද ඊයේ (11) දිනයේ අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ නිරීක්ෂණයට ලක්විය.
    ජාතික අවශ්‍යතාවක් ලෙස සළකා කොවිඩ් ආසාධිත රෝගීන්ට ප්‍රතිකාර කෙරෙන රෝහල් හා ප්‍රතිකාර මධ්‍යස්ථාන සඳහා අවශ්‍ය අතිරේක ඇඳන් සකස් කර දීම වෙනුවෙන් දින 10 න් ඇඳන් 10000 ක් ජාතික සමාජ සද් කාර්යය ආරම්භ වූයේ පසුගිය 07 වැනිදාය.

    මෙම ව්‍යාපෘතියට ස්වේච්ඡාවෙන් දායක වී ඇඳන් සකස්කර දීමට ඉදිරිපත් වූ තරුණ තරුණියන්ට දිරියක් වෙමින් තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ඇඳන් සකස්කරන ස්ථානවල නිරීක්ෂණ චාරිකාවල නිරත වෙයි.

    ඊට අදාළව පසුගිය 10 වැනිදා කොලොන්නාව රජයේ කර්මාන්ත ශාලාව, ඔරුගොඩවත්ත මෝටර් රථ කර්මාන්ත අභ්‍යාස ආයතනය ඇතුළු ස්ථාන කිහිපයක් සහ පසුගියදා (11) රත්මලාන වාරිමාර්ග දෙපාර්තමේන්තු වැඩපල, ඒකල පිහිටි ලක්දිව ඉංජිනේරු සංස්ථාව, මහනුවර යටිවාවල ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු අධිකාරිය, මාතලේ කලුදෑවල වැඩපල සහ ඉනාමළුව තරුණ හෝටල් පාසල ඇතුළු ඇඳන් සකස් කරන ස්ථාන අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ නිරීක්ෂණයට ලක් විය.

    මෙම අවස්ථාවන්ට අදාළව ග්‍රාමීය නිවාස සහ ඉදිකිරීම් හා ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ, ග්‍රාමීය කුඹුරු හා ආශ්‍රිත වැව් ජලාශ හා වාරිමාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහත්වරු හා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සභාපති රත්නසිරි කළුපහන මහතා ඇතුළු පිරිසක් සහභාගී වූහ.

    file pixs

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya