පෙබරවාරි 25, 2025
tami eng youtube  twitter facebook

    ලබන සතියේ පාර්ලිමේන්තුව දින 03 ක් රැස්වේ

    මැයි 13, 2021

    ලබන සතියේ පාර්ලිමේන්තු රැස්වීම් මැයි 18 වනදා සිට මැයි 20 වනදා දක්වා දින 03ක් පැවැත්වීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (13)සවස පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳකාරක සභාවේදී තීරණය විය.

    කොවිඩ් 19 සෞඛ්‍ය රෙගුලාසිවලට අනුකූලව පාර්ලිමේන්තු රැස්වීම් පැවැත්වීමට එහිදී තීරණය වූ බවද පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක මහතා පැවසීය. කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත මැයි 19 සහ 20 යන දෙදින තුළදීම විවාදයට ගැනීමට තීරණය වූ බවද පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා පැවසීය.

    ඒ අනුව මැයි 19 වැනිදා පෙ.ව 10.00 සිට පස්වරු 5.30 දක්වාත් මැයි 20 වැනිදා පෙරවරු 10.00 සිට පස්වරු 4.30 දක්වාත් ඉහත විවාදය පැවැත්වීමට නියමිතව තිබේ. මැයි 19 සහ 20 යන දින දෙක තුළදී මන්ත්‍රීවරුන්ගේ වාචික ප්‍රශ්න සඳහා කාලය වෙන් නොකෙරෙන බවද මහ ලේකම්වරයා කීය.

    ලබන සතියේ පාර්ලිමේන්තුවේ පළමු රැස්වීම් දිනය වන මැයි 18 වැනිදා පැවැත්වෙන පාර්ලිමේන්තු රැස්වීමේදී මුදල් පනත යටතේ රෙගුලාසියක්, මුදල් පනත යටතේ වන නියෝග 02ක්, වරාය සහ ගුවන්‍ තොටුපොළ සංවර්ධන පනත යටතේ නියෝගයක්, විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත යටතේ වන නියමයන් 08 ක්, ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනත යටතේ වන නියමයන් 02ක්, විදේශ විනිමය පනත යටතේ වන නියෝගයක් විවාදයට ගැනීමට නියමිතය.

    එදින පෙරවරු 10.00ට පාර්ලිමේන්තුව ආරම්භ වීමෙන් පසු පෙරවරු 11.00 දක්වා කාලය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වාචික ප්‍රශ්න විමසීම සඳහා වෙන් කරන ලද බවද මහ ලේකම් වරයා පැවසීය.

    එමෙන්ම එදින පාර්ලිමේන්තුව පස්වරු 4.30 ට කල් තැබීමෙන් පසුව පස්වරු 5.30 දක්වා සභාව කල් තැබීමේ අවස්ථාවේ විවාදයක් පැවැත්වීමට නියමිතව ඇතැයිද දසනායක මහතා කීය. මෙම රැස්වීමට සභානායක සහ විදේශ කටයුතු අමාත්‍ය දිනේශ් ගුණවර්ධන, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක සහ මහා මාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, විපක්ෂ නායක සජිත් ප්‍රෙමදාස, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල යන මහත්වරුන්ද කැබිනට් අමාත්‍යවරුන් වන චමල් රාජපක්ෂ, නිමල් සිරිපාල ද සිල්වා, මහාචාර්ය ජී. ඇල් පීරිස්, මහින්ද අමරවීර, වාසුදේව නානායක්කාර, අලි සබ්රි, මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඩිලාන් පෙරේරා, රවුෆ් හකීම්, අනුර කුමාර දිසානායක, ගයන්ත කරුණාතිලක, මනෝ ගනේෂන්, රන්ජිත් මද්දුම බණ්ඩාර සහ එම්. ඒ. සුමන්තිරන් යන මහත්වරුන් ද සහභාගී වූහ.

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya