නැගෙනහිර කොළඹ මූලික රෝහලෙහි කොවිඩ්-19 ආසාධිතව ප්‍රතිකාර ලබන මව්වරුන්ගේ ප්‍රයෝජනය සඳහා නාවික හමුදා සේවා වනිතා ඒකකයේ අරමුදල් මඟින් ලබා ගන්නා ලද HDU/ICU වර්ගයේ විශේෂ ඇඳන් 03 ක් එම රෝහලේ අධ්‍යක්‍ෂ වෛද්‍ය ප්‍රියන්ත කරුණාරත්න මහතා වෙත පරිත්‍යාග කිරීම මෙලෙස සිදු කරන ලදි. මෙම අවස්ථාව සඳහා මුල්ලේරියාව නැගෙනහිර කොළඹ මූලික රෝහලේ වෛද්‍ය කාංචනා ජයතිලක මහත්මිය, සේවා වනිතා ඒකකයේ විධායක කමිටු සාමාජිකා අයෝණි වෑවිට මැතිණිය සහ නාවික හමුදා ජ්‍යේෂ්ඨ නිලධාරීන් ඇතුළු සීමිත පිරිසක් සහභාගී වූහ.
තවද, සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ රජයේ වැඩපිළිවෙළට සහය වෙමින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ මූල්‍ය දායකත්වය මත නාවික හමුදාව විසින් කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ඉදිකරනු ලබන මහල් 12කින් යුතු විශේෂ හෘද ප්‍රතිකාර සංකීර්ණයෙහි (Cardiac & Critical care complex) මේ වන විට මහල් 09ක් දක්වා ඉදිකිරීම් සිදු කර ඇත. දරුවන් වෙනුවෙන් ඉදිවන මෙම විශේෂ හෘද ප්‍රතිකාර සංකීර්ණයේ ඉදිකිරීම් කඩිනමින් අවසන් කිරීම සඳහා නාවික හමුදා සිවිල් ඉංජිනේරු අංශය ඉතා කැපවීමෙන් කටයුතු කරනු ලබයි.