උතුරු සහ උතුරු මැද පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවේ.නැගෙනහිර සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.
සබරගමුව පළාතේත් කළුතර, ගාල්ල, මාතර, නුවරඑළිය සහ මහනුවර දිස්ත්‍රික්කවලත්ඇතැම් ස්ථානවලට මි.මී. 50 ක පමණ තරමක තද වැසි ද ඇතිවිය හැක.
දිවයින හරහා සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (30-40) දක්වා වැඩි විය හැක.විශේෂයෙන්ම මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශ වලත්,උතුරු,උතුරු-මැද සහ වයඹ පළාත්වලත් සුළගේ වේගය ක්ෂණිකව පැ.කි.මී.50 දක්වා වැඩි විය හැකි බව ද නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි.