කොවිඩ් රෝගීන් වෙනුවෙන් ප්‍රතිකාර කිරීමට රෝහලේ වෙන්කර ඇති වාට්ටු සහ අලුතින් සූදානම් කෙරෙන වාට්ටු පිළිබදව විමසා බැලූ අමාත්‍යවරිය එහි පවතින අඩුපාඩු සහ අවශ්‍යතා පිළිබදවද විමසීමක් කලාය. HDU Beds 5කින් සමන්විත High Dependents Unit එකෙහි වැඩකටයුතු කඩිනම් කිරීමට උපදෙස් දුන් අමාත්‍යවරිය, ඒ සදහා අත්‍යාවශ්‍ය වී තිබූ 24000BTU AC unit 5ක් ලබාදීමට අවශ්‍ය කටයුතු සංවිධානය කරන ලදි. එමෙන්ම අවදානම් තත්වයේ පසුවන කොවිඩ් රෝගීන් වෙනුවෙන් ICU ඇදන් 08කින් සමන්විත හදිසි ප්‍රතිකාර ඒකකයක් වෙන්කර එහි කටයුතු කඩිනම් කිරීමට උපදෙස් දුන් අමාත්‍යවරිය ඒ සදහා අවශ්‍ය කාර්ය මණ්ඩල සහ අනෙකුත් අවශ්‍යතා පිළිබදව සොයා බලන ලදි.
ICU ඒකකය කඩිනමින් ආරම්භ කිරීමට අවශ්‍ය වෙන්ටිලේටර් මැෂින් 2ක් සෞඛ්‍ය අමාත්‍යාංශය සමග සම්බන්ධීකරණය කරමින් එම මොහොතේම ලබාදීමට අමාත්‍යවරිය කටයුතු කරන ලදි.
කොවිඩ් වසංගතයෙන් ජනතාව ආරක්ෂා කරගැනීමට නිරතුරුව කැපවී සිටින ගම්පහ රෝහලේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය වෙත සිය ස්තුතිය පුදකල අමාත්‍යවරිය කොවිඩ් තුන්වන අවදානම් තත්වයට මුහුණ දීම සදහා සිය උපරිම දායකත්වය නැවතත් ලබාදෙන ලෙස ඉල්ලීමක් කලාය.
ගම්පහ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය වෙත ගිය අමාත්‍යවරිය දිස්ත්‍රික්කයේ කොවිඩ් 19ට මුහුණදීම සදහා ගතයුතු නව ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සාකච්ඡා කරන ලදි. බ්‍රැන්ඩික්ස් ආයතනය සතු සීදුව ප්‍රදේශයේ ආරම්භ කිරීමට නියමිත අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානය කඩිනමින් ආරම්භ කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස උපදෙස් ලබාදුන් අමාත්‍යවරිය ගම්පහ රෝහලේ ඔක්සිජන් හිගයක් පිළිබදව සමාජ මාධ්‍ය තුළ සංසරණය වන පුවතක් සම්බන්ධයෙන් විමසා බැලූ විට හෙළිවූයේ එවැනි ඔක්සිජන් හිගයක් නොමැති බවටයි.
අනවශ්‍ය ලෙස තදබදයක් ඇතිවීම වැළැක්වීම සදහා රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ (RAT) සිදුකිරීම සදහා Drive Through ක්‍රමය යොදාගන්නා ලෙස අමාත්‍යවරිය මෙහිදී වැඩිදුරටත් උපදෙස් ලබාදෙන ලදි.
මෙම අවස්ථාවට ගම්පහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය නලින් ආරියරත්න මහතා ඇතුලු සෞඛ්‍ය කාර්ය මණ්ඩලය එක්විය.