පෙබරවාරි 24, 2025
tami eng youtube  twitter facebook

    මත්ද්‍රව්‍ය භාවිත කර රිය පැදවීම සිදු කරන පුද්ගලයින් සොයා මෙහෙයුම් - නියමු ව්‍යාපෘතියක් ඉදිරි සතිය තුළ- පොලිස් මාධ්‍ය ප්‍රකාශක

    මැයි 18, 2021

    මත් ද්‍රව්‍ය භාවිත කර රිය පැදවීම සිදු කරන පුද්ගලයින් සම්බන්ධ පරික්ෂා කරමින් ඔවුන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම්වල නියමු ව්‍යාපෘතියක් ඉදිරි සතිය තුළ බස්නාහිර පළාතේ ක්‍රියාත්මක කිරීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා සඳහන් කරයි.

    මාධ්‍ය වෙත නිල නිවේදනයක් නිකුත් කරමින් අජිත් රෝහණ මහතා මැයි 18 වන දින මේ බව පැවසීය.

    වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා පැවසුවේ, මෙතෙක් රථ වාහන පරික්ෂා කිරීමේදී උපකරණ මගින් පරික්ෂා කිරීමට හැකිවූයේ මත්පැන් පානය කර රිය පැදවීම සිදු කළ පුද්ගලයින් වුවද මින් ඉදිරියට කිසියම් හෝ මත් ද්‍රව්‍යයක් භාවිතා කර රිය පැදවීමේ නිරත වන පුද්ගලයින් උපකරණ මගින් තහවුරු කරගෙන අත්අඩංගුවට ගැනීමට හැකියාව ඇති බවත්, ඉදිරි අවුරුදු 05ක කාලය තුළ මෙරට රථ වාහන අනතුරු අවම කරගැනීම සම්බන්ධයෙන් වන ගිවිසුමක් මාර්ග ආරක්ෂණ ජාතික සභාව සමඟ ඇති කරගෙන ඇති බවත්, එම සභාව මගින් මත් ද්‍රව්‍ය භාවිත කර රිය පැදවීම සිදුකරන පුද්ගලයන් පරික්ෂා කිරීම සඳහා වන උපකරණ ශ්‍රී ලංකා පොලීසියට ලබා දීම සිදු කරන බවත්ය.

    මේ අනුව ගංජා, හෙරෝයින් හෝ වෙනත් කිසියම් මත් ද්‍රව්‍යයක් භාවිතා කර රිය පැදවීම සිදු කරන පුද්ගලයින් ඉදිරියේදී අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බවත්, එහි නියමු ව්‍යාපෘතිය ලෙස වන මෙහෙයුම් ඉදිරි සතිය තුළ දී බස්නාහිර පළාතේ සිදු කිරීමට නියමිත බවත් අජිත් රෝහණ මහතා පැවසීය.

    ඊයේ (17 දින) මාරක රිය අනතුරුවලින් මියගිය ප්‍රමාණය 10ක් ලෙස සටහන් වන බවත්, එයින් 6ක් මීට පෙර සිදුවූ මරක රිය අනතුරු වුවද එයින් තුවාල ලැබූ පුද්ගලයන් ඊයේ මරණයට පත් වූ බවත් නියෝජ්‍ය
    පොලිස්පතිවරයා පැවසීය.

    මේ අවස්ථාවේ දී මාර්ග සංචරණ සීමා පැනවී තිබුනද පොදු ප්‍රවාහන සේවා වැනි දේ ක්‍රියාත්මක බැවින් මාර්ග ආරක්ෂාව තහවුරු වන පරිදි කටයුතු කරන කරන මෙන් අජිත් රෝහණ මහතා ඉල්ලා සිටී.

     

     

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya