පෙබරවාරි 24, 2025
tami eng youtube  twitter facebook

      කොළඹ වරාය නගරය ආර්ථීක කොමිෂන් සභාව පනත් කෙටුම්පත සංශෝධන සහිතව පාර්ලිමේන්තුවට

    මැයි 19, 2021

    කොළඹ වරාය නගරය ආර්ථීක කොමිෂන් සභාව පනත් කෙටුම්පත සංශෝධන සහිතව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නාගරික සංවර්ධන හා නිවාස කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව පාර්ලිමේන්තුවේදී (18) අනුමැතිය ලබා දුන්නේය.


    නාගරික සංවර්ධන හා නිවාස කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව එහි සභාපති අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්විය. කොළඹ වරාය නගරය ආර්ථීක කොමිෂන් සභාව පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීරණය ප්‍රකාරව කටයුතු කිරීම සුදුසු බව අග්‍රාමාත්‍යවරයා මෙහිදී කීවේය.


    මෙයට අමතරව ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථා (සංශෝධන) පනත් කෙටුම්පත ද සංශෝධන සහිතව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කාරක සභාවේ අනුමැතිය හිමිවිය. මේ අවස්ථාවට ලොහාන් රත්වත්තේ , ඉන්දික අනුරුද්ධ යන රාජ්‍ය අමාත්‍යවරුද, ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, ජයන්ත කැටගොඩ, සම්පත් අතුකෝරළ ,මිලාන් ජයතිලක, කරුණාදාස කොඩිතුවක්කු,ප්‍රේමනාත් සී.දොලවත්ත යන ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුද කෝකිලා ගුණවර්ධන පාර්ලිමේන්තු මන්ත්‍රීවරියද , රාජ්‍ය නිලධාරිහු පිරිසක් ද එක් වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya