පෙබරවාරි 24, 2025
tami eng youtube  twitter facebook

    රිය අනතුරු නිවාරණ සතිය- රථවාහන කළමණාකරනය හා රිය අනතුරු නියාමනය සඳහා ජංගම දුරකථන යෙදවුමක්

    මැයි 19, 2021

    ලෝක රිය අනතුරු නිවාරණ සතියට සමගාමීව ශ්‍රි ලංකා පොලිසිය විසින් රථවාහන ක්‍ෂෙත්‍රයේ සිදු වන වැරදි වලට අදාල තොරතුරු මහජනයා වෙතින් ශ්‍රී ලංකා පොලිසිය වෙත ලබා ගැනීමට හැකි
    ජංගම දුරකථන යෙදවුමක් ( E Traffic Police Sri Lanka - Mobile App) නිර්මාණය කර ඇත.

    මෙම ජංගම දුරකථන යෙදවුම එලි දැක්වීමේ සමාරම්භක අවස්ථාව මහජන ආරක්ෂක අමාත්‍ය  රියර් අද්මිරාල් (විශ්‍රාමික) ආචාර්‍ය සරත් වීරසේකර මහතාගේ ප්‍රධානත්වයෙන්, ප්‍රවාහන අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා, වාහන නියාමනය හා බස් රථ ප්‍රවාහන පිලිබඳ හා ප්‍රජාසේවා රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා, මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජෙනරාල් ( විශ්‍රාමික ) ජගත් අල්විස් මහතා, මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික අධිකාරියේ සභාපති ඇන්ටන් බෙනස් මහතා හා පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතාගේ සහභාගීත්වයෙන් 17 වන  දින උදෑසන බත්තරමුල්ල සුහුරුපාය මහජන ආරක්ෂක අමාත්‍යංශ පරිශ්‍රයේ පවත්වන ලදි.

    “දිවි සුරකින මාර්ග පද්ධතියක්” යන සංකල්පය පදනම් කර ගෙන ක්‍රියාත්මක කරන මෙම වැඩසටහන, රථවාහන පාලනය හා මාර්ග ආරක්ෂාව සම්බන්ධයෙන් ඉදිරියේදී තවත් බොහෝ ක්ෂේත්‍රයන් දියුණු කිරීමට නියමිතය.
    මෙම යෙදවුම භාවිතා කිරීම සඳහා මහජනතාවගෙන් කිසිදු මුදලක් අය නොවන අතර ජංගම දුරකථන යෙදවුම ක්‍රියා කිරීම සඳහා අන්තර්ජාල (Data) සම්බන්ධතාවය පමණක් තිබීම ප්‍රමාණවත් වේ. මෙමගින් මහජනයා විසින් රථවාහන ක්ෂේත්‍රයට අදාල පොලිසිය වෙත දැනුම් දිය හැකි සිද්ධීන් ඡායාරූප හෝ වීඩියෝ ලෙස රථවාහන මූලස්ථානය වෙත යොමු කළ හැකිය. අනතුරුව එම සිද්ධීන්, අදාල පොලිස් ස්ථාන වෙත යොමු කර ඉදිරි විමර්ශන කටයුතු සිදු කරනු ලබයි.මෙමඟින් දෛනික රිය අනතුරු සිදු වීම් අවම මට්ටමක පවත්වාගෙන යමින් එක් දිනකදී රටට අහිමි වන වටිනා මිනිස් ජීවිත 08 ක් පමණ සුරැකීම හා පුද්ගලයින් පූර්ණකාලීන /අර්ධකාලීන වශයෙන් ආබාධ වලට ලක්වීම අවම කර ගැනීම මෙන්ම මාර්ග පරිහරණය කරන්නන් ස්වයං පාලනයකින් යුතුව විනයගරුකව කටයුතු කිරීම තුලින් සුරක්ෂිත මාර්ග පද්ධතියක් බිහිකර ගැනීම අපේක්ෂාව වේ.

    මේ සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය රුපියල් මිලියන 02 කට අධික මුදලක් හා මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව රුපියල් මිලියන 160 කට ආසන්න මුදලක් වැය කරන අතර,
    වේග මාපක යන්ත්‍ර, අඳුරු වීදුරු පරීක්ෂා කිරීමේ යන්ත්‍ර, තිරිංග පරීක්ෂා කිරීමේ උපකරණ, ශබ්ද පරීක්ෂා කිරීමේ උපකරණ සහ මත්ද්‍රව්‍ය භාවිතා කර රිය පදවන රියදුරන් පරීක්ෂා කිරීම සඳහා භාවිතා කරනු ලබන Drug Testing Kit ශ්‍රී ලංකා පොලිසියට ලබා දීමට නියමිතය.

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya