පෙබරවාරි 24, 2025
tami eng youtube  twitter facebook

      රෝහල්වලට සහ අතරමැදි කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත අත්‍යාවශ්‍ය සෞඛ්‍යාරක්ෂිත උපකරණ

    මැයි 19, 2021

    වර්තමානයේ ඇති වී තිබෙන කොවිඩ් 19 වසංගත තත්වය හමුවේ ජාතික අවශ්‍යතාවයක්ව සලකා දිවයින පුරා ඇති රෝහල්වලට සහ අතරමැදි කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත අත්‍යාවශ්‍ය සෞඛ්‍යාරක්ෂිත උපකරණ ලබාදීමේ වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක වන අතර, එහි එක් පියවරක් ලෙස අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතාගේ මැදිහත්වීමෙන් මහාභාරකාර දෙපාර්තමේන්තුවේ දායකත්වයෙන්
    කොළඹ ජාතික රෝහල සදහා ආරක්ෂිත ඇදුම් කට්ටල, ආරක්ෂිත මුව ආවරණ ඇතුළු සෞඛ්‍යාරක්ෂිත උපකරණ පරිත්‍යාග කිරීමක් ( 18) පෙරවරුවේ කොළඹ ජාතික රෝහල් පරිශ්‍රයේදී සිදු විය.


    එම අවස්ථාව සදහා කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය W.K.වික්‍රමසිංහ, මහාභාරකාර නීතීඥ ගනේෂ් ධර්මවර්ධන, ගරු අධිකරණ අමාත්‍ය පෞද්ගලික ලේකම් නීතිඥ ජනක රණතුංග යන මහත්වරුන් ද එක්ව සිටියහ.

    සෞඛ්‍යාරක්ෂිත උපකරණ පරිත්‍යාග කිරීමෙන් අනතුරුව අදහස් පළ කළ අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා මෙසේ සදහන් කළේය.
    ‘’මේ ඇති වී තිබෙන අවාසනාවන්ත තත්වය හමුවේ පොදුවේ සියලු දෙනාම එක්ව මේ අභියෝගයට මුහුණදීම සඳහා තම තමන්ට හැකි අයුරින් දායක විය යුතුයි. හැකි සෑම අවස්ථාවකම සෞඛ්‍යාරක්ෂිත පුරුදු අනුගමනය කරමින් නිවෙස්වලටම වී සිටීමට කටයුතු කරන ලෙසත්, තම තමන්ට හැකි ආකාරයට සෞඛ්‍ය බලධාරීන්ට හා අසල් වැසියන්ට උපකාර කොට මේ ව්‍යසන තත්වයෙන් අත්මිදීම සදහා කටයුතු කළ යුතුයි ‘’ යනුවෙන් සදහන් කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya