පෙබරවාරි 24, 2025
tami eng youtube  twitter facebook

    සංවර්ධනය වෙමින් පවතින රටවලට චීනයේ වෙළඳපොළට ඇතුළු වීමට අවස්ථාව

    මැයි 19, 2021

    සංවර්ධනය වෙමින් පවතින රටවලට චීනයේ වෙළඳපොළට ඇතුළුවීමට පහසුකම් සැලසීම සඳහා චීනය ක්‍රියාකාරී ක්‍රියාමාර්ග ගත යුතු බව ශ්‍රි ලංකාව අවධාරණය කරයි.

    චීනයේ ශ්‍රි ලංකා තානාපති ආචාර්ය පාලිත කොහොන මහතා මේ බව සඳහන් කළේ,  ෂාන්සි පළාතේ ෂීආන් හි පැවති 5 වැනි සේද මාවත ජාත්‍යන්තර ප්‍රදර්ශනයට සහ චීනයේ නැගෙනහිර-බටහිර සහයෝගීතාව සහ ආයෝජන හා වෙළඳ ප්‍රදර්ශනයට සහභාගි වෙමිනි. මෙහි සමාරම්භක උත්සවය ෂාන්සි පළාතේ ආණ්ඩුකාර ෂාඕ යිඩ් මහතා විසින් මෙහෙයවන ලදී. ආචාර්ය කොහොන මහතා සිය දේශනයේ දී ඊ-වාණිජ්‍යය පුළුල් ලෙස යෙදවීමත් සමඟ චීනයේ අසල්වැසියන්ට සුපිරි ලාභදායී චීන වෙළඳපොළට පිවිසීමට වැඩි අවස්ථාවන් ලැබෙනු ඇති බවද පැවසීය.

     

    රාජ්‍ය මන්ත්‍රණ සභික සහ විදේශ අමාත්‍ය වැන්ග් යී මැතිතුමා, ෂාන්සි පළාත් පක්ෂ කමිටුවේ ලේකම්වරයා, වාණිජ උප අමාත්‍යවරයා, වෙනත් පළාත් හා නගරවල උප ආණ්ඩුකාරවරුන් සහ රටවල් 60කට වැඩි සංඛ්‍යාවක රාජ්‍යතාන්ත්‍රිකයින් මෙම අවස්ථාව සඳහා සහභාගී වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya