කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත පිළිබඳව අද(19) දින විවාදය ආරම්භ කරමින් අගාමාතවරයා මේ බව සඳහන් කළේය.
මෙම පනත පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දී ඇති සියලුම උපදෙස් හා නියෝග දෙවන කියවීමේදී එකතු කිරීමට බලාපොරොත්තු වන බව කී අග්‍රාමාත්‍යවරයා ජනතා අදහස් සහ සහෝදර පක්ෂ වලට ඇහුම්කම් දෙමින්, මේ පනතට තවත් සංශෝධන එකතු කිරීමට බලාපොරොත්තු වන බවද පැවසීය.
පසුගිය රජය සිදු කළ යම් යම් අඥාන දේශපාලනික පත් වීම් හේතුවෙන් මෙරට ජනතාව බැට කෑ බව පෙන්වා දුන් අගමැතිවරයා කොමිෂන් සභාවේ සංයුතිය සම්බන්ධයෙන් යම් යම් සංශෝධන සිදු කරන බවත් කොමිෂන් සභාවේ සාමාජිකයන් ශ්‍රී ලාංකියන් වීම, මෙහි රැකියා අවස්ථා 75%ක් ශ්‍රී ලාංකියන්ට ලබා දිය යුතුය වැනි වගන්ති සංශෝධන එක් කිරිමට බලාපොරොත්තු වන බව කීය.
2015 සිට 2019 දක්වා කාලය තුළදීත්, පසුගිය රජය මෙම ව්‍යාපෘතියේ වටිනාකම අවබෝධ කර ගැනීම සතුටට කරුණක් බව පෙන්වා දුන් අගමැතිවරයා . එහි හොඳම නිදසුන වන්නේ, 2014 දී ආරම්භ කළ මෙම වරාය පෝට් සිටි ඉඳි කිරීම, 2015 සිට විවිධ හේතූන් නිසා අඩාල වුවද, මන්දගාමී වුවද, විශාල වන්දියක් ගෙවන්නට සිදු වුවද, පසුගිය රජය එම ව්‍යාපෘතිය දිගටම ක්‍රියාත්මක කළ බව කීය.
2014 සැප්තැම්බර් මාසයේ මෙය ආරම්භ කළ බවත් මෙම දැවැන්ත ව්‍යාපෘතිය නිසා අද වන විට හෙක්ටයාර් 269ක භූමියක් ශ්‍රී ලංකාවට ඒක් කිරීමට හැකි වී ඇති බවත් මේ ඔස්සේ දැවැන්ත අවස්ථා රාශියක් මෙරටට ලැබෙන බවද අගමැතිවරයා පෙන්වා දුන්නේය. මේ සඳහා එන ආයෝජකයින්ට සිදුවන බාධා ඉවත් කිරීමට සහ අවම කිරීමට රජය ඒකම කවුලුවකින් අවශ්‍ය සියළුම සේවාවන් ලබා දෙමින් ඔවුන්ගේ ආයෝජන මෙරටට ගලා ඒ්මට අවස්ථාව සළසා තිබේ.
ආයෝජනය කිරීම සඳහා රට වල තිබෙන පහසුකම්, බදු සහණ, ආයෝජකයින්ට ලැබෙන සුරක්ෂිතතාවය, මාර්ග විදුලිය වරාය සෞඛ්‍ය ආදී යටිතල පහසුකම් ආදිය මෙහිදී වැදගත් වන බවත් ඒම පහසුකම් ආයෝජකයින්ට ලබා දීමට කටයුතු කළ යුතු බවද අගමැතිවරයා කීය.