පෙබරවාරි 24, 2025
tami eng youtube  twitter facebook

    ත්‍රස්තවාදයට අන්තවාදයට හිස එසවීමට කිසිවිටෙකත් ඉඩ තබන්නේ නෑ

    මැයි 19, 2021

    මීට වසර 12ට පෙර තිස් අවුරුදු යුද්ධය නිමා කළ මෙම රජය,ත්‍රස්තවාදයට අන්තවාදයට හිස එසවීමට කිසිවිටෙකත් ඉඩ නොතබන බවත් පාස්කු ප්‍රහාරය සම්බන්ධ වරදකරුවන් නීතිය හමුවට ගෙන ඒ්මට කටයුතු කරන බවත් මහජන ආරක්‍ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා අද(19) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් සඳහන් කළේය.

    2019 වසරේ ලෝකයේ එල්ල වූ දරුණුම ප්‍රහාරයන්ගෙන් එකක් වන්නේ පාස්කු ප්‍රහාරය බවත් නඩු පැවරීමේ කටයුතු ඉතා සූක්ෂම අයුරින් විමර්ෂණ කටයුතු සිදු කර යුතු බැවින් මෙවැනි ත්‍රස්තවාදී කටයුතු සඳහා කල් ගත වන බව කී අමාත්‍යවරයා ,මේ වන විටත් චූදිතයන් රැසකට මේ සම්බන්ධයෙන් නඩු පවරා ඇතැයිද කීය.

    පොලීසිය විසින් පාස්කු ප්‍රහාරයා සම්බන්ධ උද්ද්‍රිත ගොනු 8ක් නීතිපතිවරයාට ලබා දුන් බවත් තමා පුද්ගලිකවද නීතිපතිවරයා හමුවී මේ සම්බන්ධව සාකච්ඡා කළ බව කී අමාත්‍යවරයා, ජනාධිපති කොමිෂන් සභා වාර්තාව මෙම වසරේදී ‌නීතිපතිවරයාට ලබා දුන් බවත් 2021 මාර්තු මස 12 වනදා සිට අප්‍රේල් මස 24 දක්වා පොලිස් විමර්ෂණ නිලධාරින් 54 දෙනෙකු සහ නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරින් සමග මෙම සාක්ෂි සහ කරුණු ගැඹුරින් අධ්‍යනය කළ බවත් අවශ්‍ය අනෙකුත් වාර්තා සහ අඩුපාඩු ආදිය සම්පූර්ණ කර නීතිපතිවරයාට ලබා දුන් පසු මේ සම්බන්ධව නඩු පැවරීම් සිදු කළ හැකි බවද කීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya