පෙබරවාරි 24, 2025
tami eng youtube  twitter facebook

    වරාය නගර ව්‍යාපෘතිය යනු ශ්‍රි ලංකාවේ ආර්ථිකය නගා සිටුවීම සඳහා රජය ගෙනයන වැඩපිළිවෙලේ එක් කොටසක් - අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ

    මැයි 19, 2021

    ඉදිරි දශකය තුළ ශ්‍රි ලංකාව ඉහළ ආදායම් ලබන සංවර්ධිත රටක් බවට මෙරට පත් කිරීම සඳහා රජය කටයුතු කරන බව අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි.

    ලෝක ආර්ථිකය නගා සිටුවීම සඳහා උත්සාහ දරණ මෙවන් මොහොතක වරාය නගර ව්‍යාපෘතිය යනු ශ්‍රි ලංකාවේ ආර්ථිකය නගා සිටුවීම සඳහා රජය ගෙනයන වැඩපිළිවෙලේ එක් කොටසක් බවද රමේෂ් පතිරණ අමාත්‍යවරයා සඳහන් කරයි.

     කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත පිළිබඳව අද(19) දින පාර්ලිමේන්තුවේ පැවති විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

    පසුගිය වසර ආර්ථීක වශයෙන් අපහසු වසරක් වූ බවත් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා මෙරට බලය‌ට පත් වූ විගස වවන්න පුළුවන් සෑම භෝගයක් වැවීමට, දේශීය නිෂ්පාදන නගා සිටුවීමට සහ ආනයන සීමාකිරීමට කටයුතු කළ බව පෙන්වා දුන් අමාත්‍යවරයා මැති ඇමතිවරුන්‌ට කිසිදු විශේෂ වරප්ප්‍රසාදයක් හෝ ලබා නොදුන් බව පෙන්වා දුන්නේය.

    මෙම රටේ ආයෝජකයන් සඳහා පවතින නීතිරීති සුමට නොකළහොත් ආයෝජකයන් මෙරටට නොපැමිණෙ බව පෙන්වා දුන් අමාත්‍යවරයා මෙම වරාය නගර ව්‍යාපෘතිය විවෘත කල විගසම ආයෝජන මෙරටට ගලා නොඑන බවත් එහෙත් මෙම ව්‍යපෘතිය ඒ් සඳහා ප්‍රවේශයක් බව පෙන්වා දුන්නේය.මේ හරහා කාර්යක්ෂම සේවාවක් ලබා දීම ඔස්සේ විදේශිකයන්‌ට මෙරට වෙළෙඳ පොළ විවර වන බවද අමාත්‍යවරයා කීය.

     මෙරටේ පැවති තිස් අවුරුදු යුද්ධය රටේ දියුණුවට බාධාවක්ව පැවතිය බවත් අද වන විට යුද්ධය අවසන් වුවද මේ රටේ ජනගහණය එදා මෙන් දෙගුණයක්ව ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය. ඒ් සඳහා මෙරට මානව සම්පත රැකියාභිමුඛ වෘත්තිය අධ්‍යාපනය කෙරෙහි යොමු කරවීමේ වැදගත්කම පෙන්වා දුන් අමාත්‍යවරයා ඒ් අධ්‍යපන අමාත්‍යවරයා කටයුතු කරමින් සිටින බවද කීය.චීනයට පමණක් නොව ලෝකයේ සෑම රටකටම මෙහි ආයෝජනය කිරීමට ආරාධනා කරන බවද රමේෂ් පතිරණ අමාත්‍යවරයා සඳහන් කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya