සභානායක සහ විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ සභාපතිත්වයෙන් යුත් මැතිවරණ සහ ඡන්ද විමසීම් ව්‍යුහය හා නීති රීති වල ප්‍රතිසංස්කරණ හඳුනා ගැනීමටත් ඒ සම්බන්ධයෙන් අවශ්‍ය සංශෝධන ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව පසුගිය 17 වැනි දා රැස් වූ අවස්ථාවේදී මේ සම්බන්ධයෙන් මහජන අදහස් ලබා ගැනීමට තීරණය විය.
ඒ අනුව, එම කාරක සභාවට නියෝජනයන් ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන මහජනතාවට සහ ඒ පිළිබඳව උනන්දුවක් දක්වන සංවිධාන වලට එකී නියෝජන ලිඛිතව හෝ This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනය ඔස්සේ එවන ලෙස, එම කාරක සභාව වෙනුවෙන් එහි ලේකම් හා පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් හා කාර්ය මණ්ඩල ප්‍රධානී කුෂානි රෝහණදීර මහත්මිය සඳහන් කර සිටී.
ලිඛිත යෝජනා හා අදහස් ලේකම්, පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව, ශ්‍රී ජයවර්ධනපුර, කෝට්ටේ යන ලිපිනයට එවිය යුතුය. යෝජනා ලබා දෙන අයගෙන් වාචික සාක්ෂි ලබා ගැනීමට කාරක සභාව අදහස් කරන්නේ නම් අදාළ පාර්ශවයන් ඒ සඳහා යථා කාලයේදී කාරක සභාව ඉදිරියේ පෙනී සිටීමට කැඳවන බව ද කුෂානි රෝහණදීර මහත්මියගේ අත්සනින් නිකුත් කර ඇති දැනුම්දීමෙහි තවදුරටත් දැක්වේ.