පෙබරවාරි 24, 2025
tami eng youtube  twitter facebook

    කොවිඩ්19 එන්නත් ලබාගැනීමට හා සහතික කිරීමට ඩිජිටල් සේවාවක්

    මැයි 20, 2021

    කොවිඩ්-19 වැලැක්වීමේ එන්නත මහජනතාවට ලබාගැනීමට කල්තියා අවස්ථාවක් වෙන්කර ගැනීම හා එන්නත ලබාගත් පුද්ගලයන් සදහා ඩිජිටල් ප්‍රතිශක්තිකරණ සහතිකයක් නිකුත්කිරීමේ කොවිඩ්-19 පුරවැසි ද්වාරය (COVID-19 Citizen Portal) අන්තර්ජාල වෙබ් සේවාවක් ආරම්භ කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය හා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය පියවර ගනියි.

     එහි සමාරම්භය (19) යුධහමුදා රෝහලේදී සිදුවිය. මෙම සේවාව මහජනතාව සදහා ඉදිරි දින වලදී ලබාදීමට අපේක්ෂා කෙරේ.

    මෙය සඳහා වෙබ් අඩවියකට පිවිසීමෙන් ලියාපදිංචි වියහැකියි. ලියාපදින්චි විමත් සමග එන්නත ලබාගැනීමට ආසන්නම ස්ථානය හා වෙලාවක් ස්වයංක්‍රීයව ලැබෙනු ඇත.

    එන්නත් දෙකම ලබාගත් පුද්ගලයකුට ඒ පිළිබද විස්තර සහතික කළ QR කේතයක් සහිත ප්‍රතිශක්තිකරණ සහතිකයක් සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් නිකුත්කෙරේ.

    ලබාගත් එන්නත් වර්ගය ඇතුළු අත්‍යාවශ්‍ය තොරතුරු එහි අඩංගුවේ. එය ශ්‍රී ලංකාවට අනන්‍ය QRකේතයක් වන අතර ලෝකයේ ඕනෑම රටකින් අදාළ අංශවෙත ඉදිරිපත්කර මෙම වෙබ් අඩවිය හරහා තහවුරුකරගත හැකයි.

    මෙම සහතිකය අන්තර් ජාලයෙන් බාගතකරගත හැකි අතර අනන්‍යතාව තහවුරු කිරීම ජංගම දුරකථනය මගින් සිදුකෙරේ.

    අවශ්‍ය එක දුරකථන අංකයකින් පවුලේ සැමට ලියාපදිංචි විය හැකියි. සහතිකපත් වෙන්වෙන්ව නිකුත්කෙරේ. මෙම ඩිජිටල් වැඩසටහන මගින් එන්නත් මධ්‍යස්ථානවල තදබදය අවම කිරීමත් එන්නත් දෙකම ලබාගත් පුද්ගලයෙකුට ලැබෙන සංචරණ පහසුකම් බාධාවකින් තොරව ලබාගැනීමටත් හැකිවනු ඇතිබව තොරතුරු හා සන්නිවේදන සන්නිවේදන නියෝජිතායතනය සදහන් කරයි

    මෙම අවස්ථාවට අමාතයංශයේ ලේකම් වෛද්‍ය එස්. එච්. මුණසිංහ, යුධහමුදා රෝහල් අධ්‍යක්‍ෂ කර්නල් චම්පික අත්තනායක ,තොරතුරු හා සන්නිවේදන නියෝජිතායතනයේ සභාපති මහාචාර්ය ලලිත් ගමගේ, ප්‍රධාන විධායක නිලධාරි මහින්ද බි, හේරත් යන මහත්වරු ඇතුළු පිරිසක් එක්වූහ

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya