ඔහු මේ බව පැවසුවේ, අද දින (21) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවෙිදී වෙසක් උත්සවය සම්බන්ධයෙන් පැවති විශේෂ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.
වෙසක් උත්සවය අංශ ගණනාවක් ඔස්සේ සම්බන්ධ වූ ඉතා පුළුල් වැඩසටහනක් බවත්, ඒය සෑම අවස්ථාවකම සුවිශේෂී වූ විහාරස්ථානයක් කේන්ද්‍ර කරගනිමින් සිදුකරන අතර මෙවර රාවෙසක් උත්සවය නාගදීප විහාරස්ථානය කේන්ද්‍ර කරගනිමින් උත්කර්ෂවත් ලෙස ඉතාම හොදින් පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබුණත් පවතින කොවිඩ් අවධානම් තත්ත්වය හමුවේ ඒය අවලංගු කර ඇති බව බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා කියාසිටියේය.
නමුත් පළාත කේන්ද්‍ර කරගත් පෙර සිට සිදුකළ සංවර්ධන වැඩකටයුතු මෙම දිනවල පවතින තත්ත්වය හමුවේ තරමක පසුබෑමක් සිදුවුවද, ඉදිරියේදී අඛණ්ඩව සිදුකරන බවද ඔහු අවධාරණය කළේය.
සාමාන්‍යයෙන් වෙසක් පුන් පොහෝ දිනට පෙරදා සිදුකරන රාජ්‍ය වෙසක් උත්සවය සහ ඒය ක්‍රියාත්මක කරන විහාරස්ථානයේම සිදුකිරීමට අපේක්ෂා කළ වෙසක් පුන් පොහෝ දින වැඩසටහනද මෙම පවතින කොවිඩ් වාතාවරණය හමුවේ ක්‍රියාත්මක නොවන බව ඔහු වැඩිදුරටත් සදහන් කළේය.
වෙසක් සතියක් ප්‍රකාශයට පත්කර ඒම සතිය තුළ ආගමානුකූලව කටයුතු කිරීමට අවශ්‍ය මගපෙන්වීම කිරීමට උපදෙස් ලැබී තිබුණද, මෙම අවස්ථාවේ මහජනතාව ඒක්රැස්වීම් වැළැක්වීමට අවැසි බැවින් ඒයද ක්‍රියාත්මක නොවන බව බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා පැවසුවේය.
මෙවර අග්‍රාමාත්‍යතුමාගේ උපදෙස් පරිදි සංකේතවත් වෙසක් වැඩසටහනක් කොළඹ හුණුපිටියේ ගංගාරාම විහාරස්ථානය කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක කිරීමට සියලු කටයුතු සංවිධානය කර තිබුණද පවතින තත්ත්වය හමුවේ ඒයද අවළංගු කර ඇති බවත් නමුත් සමගාමී වැඩසටහන් ක්‍රියාත්මක වන බවද ඔහු වැඩිදුරටත් පැවසුවේය.
රටේ පවතින අවදානම් තත්ත්වය හමුවේ උත්කර්ෂවත් ලෙස වෙසක් උත්සවය සැමරීමට නොහැකි වුවද සංවර්ධන කටයුතු සහ සමාජ සත්කාර දිගින් දිගටම කොටස් වශයෙන් සිදුකිරීමට සැලසුම් කර ඇති බව බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ ලේකම් දේශබන්ධු කපිල ගුණවර්ධන මහතා පැවසුවේය.
වෙසක් සමරු මුද්දර 03ක් නිකුත් කළ බවද 24 වනදා අවසන් මුද්දරය නිකුත් කිරීමට නියමිතව සිටියද පවතින තත්ත්වය හමුවේ ඒය නිකුත් කිරීමට නොහැකි බවද ඔහු පැවසුවේය.
විද්‍යුත් මාධ්‍ය ඔස්සේ පොහොය දිනක පන්සලක සිදුවන දාන ශීල භාවනා ධර්ම දේශනා ධර්ම සාකච්ඡා ආදී සියලු වැඩසටහන් ජනතාවට සමීප කරගත හැකි බැවින් මෙවර වෙසක් දිනයට නිවෙස් වල සිට බෞද්ධ ජනතාවට ප්‍රතිපත්ති පූජාව මුල්කර ගනිමින් වෙසක් උත්සවය සැමරීමට කටයුතු කරන ලෙස මාධ්‍ය සාකච්ඡාවට ඒක්වෙමින් සමස්ථ ලංකා ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරී පූජ්‍ය ලෝනදූවේ ගුණානන්ද නායක ස්වාමීන් වහන්සේ වදාළහ.