"රජයක් විදිහට කොවිඩ් රෝගය මර්දනය කරන්න අතිගරු ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් ත්‍රිවිධ හමුදාව සහ සෞඛ්‍ය අමාත්‍යංශය අපි සියළු දෙනාම එකතුවෙලා අප ගත හැකි සියලුම ක්‍රියාමාර්ග ගනිමින් සිටින වෙලාවක්. අප විශ්වාස කරන්නේ අප ලබාදෙන පුර්ණ දායකත්වයත් එක්ක කොව්ඩ් රෝගය මර්දන කිරීමට අධිෂ්ඨාන කරගෙන යන මේ වැඩපිළිවෙල ඉතා සාර්ථකව ඉවර කරන්න පුළුවන් වෙයි කියලා. විශේෂයෙන් සෙලාන් බැංකුව අපට ලබා දෙන අනුග්‍රහය සම්බන්ධයෙන්.
අසාධ්‍ය තත්වයට පත්වන රෝගීන්ට අත්‍යවශය කාරණයක් තමයි දැඩි සත්කාර ඒකක. එතකොට මේ දැඩි සත්කාර ඒකක විශාල සංඛ්‍යාවක් ආණ්ඩුවේ මැදිහත් වීමෙන් ත්‍රිවිධ හමුදාවේ උපකාරය ඇතුව අලුතින් ඇතිකර ගෙන යනවා. මෙම රෝහලේ අධ්‍යක්ෂතුමා ඇතුළු විශේෂඥ වෛද්‍යවරුන්, හෙදියන්, අතුරු වෛද්‍ය සේවා හා අනෙකුත් සෞඛ්‍ය කාර්යය මණ්ඩලය මේ සියළු දෙනාම කරන කැප කිරීම සෞඛ්‍ය අමාත්‍යවරයා විදිහට මම බොහෝම අගය කරනවා."
සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය මේ බව ප්‍රකාශ කරන ලද්දේ අද දින (21) නැගෙනහිර කොළඹ මුලික රෝහලේ සෙලාන් බැංකුවේ (පී.එල්.සී) මුල්‍ය ප්‍රතිපාදන මත ඉදිකරන ලද දැඩි සත්කාර ඇඳන් හතරකින් යුතු නව දැඩි සත්කාර ඒකකය ප්‍රතිකාර සේවාවන් සඳහා විවෘත කිරීමෙන් අනතුරුවය.
රුපියල් මිලියන 50 කට ආසන්න වන මෙම ව්‍යාපෘතිය ශ්‍රී ලංකා යුධ හමුදාවේ ඉංජිනේරු බලකායේ ශ්‍රම දායකත්වයෙන් සිදු කල නිසා රුපියල් මිලියන 13 ක වියදමින් සිදු කිරීමට හැකියාව ලැබී ඇත.
මෙම අවස්ථාවට යුධ හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා, සෞඛ්‍ය ලේකම් මේජර් ජනරාල් සංජීව මුණසිංහ මහතා, නැගෙනහිර කොළඹ මුලික රෝහලේ අධ්‍යක්ෂතුමා ඇතුළු සෙලාන් බැංකුව හා සෞඛ්‍ය අමාත්‍යංශය නියෝජ්‍ය කරමින් නිල ධාරීන් පිරිසක් ද මෙයට සහභාගී වුහ.