ඊයේ( 20 වනදා) පාර්ලිමේන්තුවේදී සම්මත කරගත් වරාය පනත සම්බන්ධයෙන් පැහැදිළි කිරීම සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු පරිශ්‍රයේ අද(21දා) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
වරාය නගරය සම්බන්ධ කොමිසම ජනාධිපතිවරයා යටතට පත් කර සුදුසු පුද්ගලයන් අදාළ තනතුරුවලට පත් කරමින් මේ රටට ඉතාම ඉක්මනින් විදේශ ආයෝජන ලැබීම බලාපොරොත්තු වන බවත්, රජයේ අපේක්ෂාව වර්ෂයකදී මෙරටට අවම වශයෙන් අමෙරිකානු ඩොලර් 3000ක් පමණ විදේශ ආයෝජන ගෙන්වා ගැනීම බවත්, වරාය නගරය සම්බන්ධයෙන් වන සියලු පහසුකම් සළසා දී ඇත්තේ මේ හ්තුවෙන් බවත්, අජිත් නිවාඩ් කබ්රාල් මහතා පැවසීය.
සම්මත කරගත් නව නීති සමඟ මෙම බැරෑරුම් කාර්යය කොමිසමට භාරදී ඉදිරියට කරගෙන යාමට කටයුතු කරන බවත්, මෙම විශේෂ ආර්ථික කලාපය සාර්ථක කරගැනීම හරහා අපේ රටට මුල් වර්ෂවලදී අමෙරිකානු ඩොලර් බිලියන පහකට ආසන්න ප්‍රමාණයක් දළ දේශිය නිෂ්පාදනයට එකතු කරගැනීමට හැකියාවක් තිබෙන බවත්, ඉන් අනතුරුව එන වර්ෂවලදී දළ දේශීය නිෂ්පාදනයට අමෙරිකානු ඩොලර් බිලියන 15ක් පමණ එකතු කරගැනීමට හැකියාවක් ලැබෙනු ඇති බවත්, අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා වැඩිදුරටත් පැවසීය.
මෙම වරාය නගරයේ ආයෝජනය කිරීමට ලෝකයේ ඕනෑම රටක ආයෝජකයකුට හැකියාවක් තිබෙන බවත්, රජයේ බලාපොරොත්තුව වන්නේ ලෝකයේ සෑම තැනකින්ම ආයෝජන ලබාගැනීමත් මෙරට ආර්ථිකය එමගින් දියුණු කිරීම බවත්, අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.