ඊයේ( 20 වනදා) පාර්ලිමේන්තුවේදී සම්මත කරගත් වරාය පනත සම්බන්ධයෙන් පැහැදිළි කිරීම සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු පරිශ්‍රයේ අද(21දා) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
මෙම වරාය නගරය තුළ ආයෝජකයන්ට එක් තැනකින් සියලුම කටයුතු කරගැනීමට ස්ථානයක් (one store shop) සකස් කරන බවත්, ඒ හරහා කෙටි කාලයකින් ආයෝජකයන්ට අවශ්‍ය සියලුම අවසරයන් හා ලියකියවිලි ලබාගැනීමට හැකියාවක් තිබෙන බවත්, මෙමගින් ආයෝජකයන්ට ආයෝජනයන් කිරීමට ප්‍රිය ඇතිවන වටපිටාවක් ඇති කිරීමට හැකියාවක් ඇති බවත් අමාත්‍යවරයා පැවසීය.
එමෙන්ම බේරුම්කරණය කිරීම සඳහා සිංගප්පුරු බේරුම්කරණ මධ්‍යස්ථානයට මේ වන විට යන තත්වය වෙනස්කොට වරාය නගරය තුළ ජාත්‍යන්තර බේරුම්කරණ මධ්‍යස්ථානයක් ඇති කරන බවත්, ජාත්‍යන්තර බේරුම්කරණ කටයුතු සිදුකිරීම මගින් වරාය නගරයට විශේෂ ආදායමක් ලැබීමටද හැකියාවක් පවතින බවත් අධිකරණ අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.