රජයක් ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සිදු කරන ලද විශේෂ සාකච්ඡාවක දී ගනු ලැබූ තීන්දුවක් මත මෙලෙස ආර්ථික මධ්‍යස්ථාන විවෘතව තැබීමට කටයුතු කරන බව ඒ මහතා, මෙහිදී සඳහන් කළේය.
ඒ අනුව, ජනතාවගේ මූලික අවශ්‍යතාවයන් සපුරාගැනීම උදෙසා මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට කටයුතු කෙරෙන බවත්, මෙරට ධිවර නිෂ්පාදන සහ මත්ස්‍ය තොග ධිවර අමාත්‍යංශය හරහා අඛණ්ඩව මිල දී ගැනීමට කටයුතු කෙරෙන බවත් මෙහි දී අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
එමෙන්ම, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය මට්ටමින්, ග්‍රාමීය මට්ටමින් මෙම භාණ්ඩ බෙදා හැරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමටත්, ගමකට එක් වෙළඳ ව්‍යාපාරයක් පමණක් විවෘතව තැබීමටත්, ජංගම සේවය ක්‍රියාත්මක කිරීමට තීන්දු කොට තිබෙන බවත්, බෙහෙත් ලබා ගැනීම සඳහා ෆාමසි විවෘතව තබිමටත්, බේකරි නිෂ්පාදන ජංගම සේවා ඔස්සේ ලබා දීමට කටයුතු කිරීමට ද අවශ්‍ය වැඩපිළිවෙල් සකස් කොට ඇති බවත්, ප්‍රකාශ කළ හෙතෙම සාමාන්‍ය ජනයාගේ ජන ජිවිතයට හානියක් නොවන ආකාරයෙන් පනවා ඇති සංචරණ සීමා හේතු කොට ගෙන ආණ්ඩුවක් ලෙස අවශ්‍ය තොග සහ බෙදාහැරීමේ වැඩපිළිවෙල් නිසියාකාරයෙන් ඉටු කිරීමට කටයුතු කරන හෙයින් ජනතාවට අනවශ්‍ය කබලකාරීතත්ත්වයක් ඇති කර ගත යුතු නැති බව ද හෙතෙම අවධාරණය කර සිටියේය.
අද (21) මධ්‍යම රාත්‍රියෙන් ඇරඹෙන සංචරණ සීමා 25 වන දා පෙරවරු 04 දක්වා බලපැවැත්වේ. එදිනම රාත්‍රී 11.00 ට නැවත වරක් සංචරණ සීමා පැනවීමට කටයුතු කෙරෙන අතර 28 වන දා පෙරවරු 04.00 දක්වා නැවත ක්‍රියාත්මක කෙරේ.