පෙබරවාරි 24, 2025
tami eng youtube  twitter facebook

    නාවික හමුදාව මගින් මී මැසි පාලනය ප්‍රචලිත කිරිමේ ව්‍යාපෘතියක් ඇරඹේ

    මැයි 22, 2021

    එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් මී මැසි ජනපද රැක ගැනීම උදෙසා ලොව පුරා මී මැසි පාලනය ප්‍රචලිත කිරිමේ අරමුණින් මැයි 20 දින ලෝක මී මැසි දිනය ලෙස නම් කර ඇති අතර, නාවික හමුදාව විසින් මී මැසි පාලනය ප්‍රචලිත කිරිමේ අරමුණින් ත්‍රිකුණාමලය නාවික තටාකාංගනයේ පවත්වාගෙන යනු ලබන මී මැසි පාලන ව්‍යාපෘතියෙහි 50 වන මී මැසි ජනපදය ස්ථාපිත කිරීම ලෝක මීමැසි දිනයට සමඟාමීව 2021 මැයි මස 20 වන දින සිදු කෙ‍රිණි.

    පරාග කාරකයෙකු වශයෙන් මී මැස්සන් මුළු මහත් පරිසර පද්ධතියට සහ එහි ජෛව විවිධත්වයට මෙන්ම ආහාර සුරක්‍ෂිතතාවය වෙනුවෙන් ද සිදු කරනු ලබන සුවිශාල දායකත්වය සම්බන්ධයෙන් ලෝක අවධානය ලබා ගැනීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් මී මැසි දිනය ලෙස මැයි 20 දින නම් කර තිබේ. ඒ අනුව ස්වාභාවික හරිත පරිසර පද්ධතියකින් සමන්විත ත්‍රිකුණාමලය නාවික තඨාකාංගනයේ “Project Navy Bees” නමින් 2021 ජනවාරි මස ආරම්භ කෙරුණු මීමැසි ජනපද ස්ථාපිත කිරීමේ ව්‍යාපෘතියේ දිගුවක් ලෙස ලෝක මී මැසි දිනයට සමඟාමීව එහි 50 වන මී මැසි ජනපදය ස්ථාපිත කිරිම ත්‍රිකුණාමලය නාවික තටාකාංගනයේ Chapel Hill හි දී සිදු කරන ලදි.

    මෙම ව්‍යාපෘතිය යටතේ ත්‍රිකුණාමලය නාවික තටාකාංගණ පරිශ්‍රයේ සහ සෝබ දුපතෙහි විවිධ ස්ථානයන්හි මී මැසි ජනපද ස්ථාපිත කර ඇත. තවද, මී මැසි පාලනය පිළිබඳව නාවික පුද්ගලයින් දැනුවත් කිරිමේ වැඩසටහනක්ද මැයි 20 දින Chapel Hill ප්‍රදේශයේ පැවැත්වුනු අතර, 2021 වර්ෂය අවසන් වන විට මෙම ව්‍යාපෘතිය යටතේ ත්‍රිකුණාමලය නාවික තටාකාංගන පරිශ්‍රයෙහි මී මැසි ජනපද 100ක් දක්වා ව්‍යාප්ත කිරීමට අපේක්‍ෂා කර ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya