පෙබරවාරි 24, 2025
tami eng youtube  twitter facebook

    බෙංගාල බොක්ක ආශ්‍රිතව කැළඹිලි සහගත ස්වභාවය හේතුවෙන් එළඹෙන 26 දින දක්වා දිවයිනේ නිරිත දිග ප්‍රදේශවලට අධික වර්ෂාපතනයක්

    මැයි 23, 2021

    බෙංගාල බොක්ක ආශ්‍රිතව ඇති වී තිබෙන කැළඹිලි සහගත ස්වභාවය හේතුවෙන් එළඹෙන 26 දින දක්වා දිවයිනේ නිරිත දිග ප්‍රදේශවලට අධික වර්ෂාපතනයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙන ලදී.

    ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ (22) දින පැවති මාධ්‍ය හමුවේ දී මෙම අදහස් පළ කළ අතර ශ්‍රී ලංකාවේ නිරිතදිග කළාපයට ඇතිවිය හැකි වැසි තත්ත්වය හේතුවෙන් ගංවතුර, නායයාම්, දැඩි සුළං සහ මුහුදු රළ ඉහළ යාම නිසා වෙරළාශ්‍රිත පහත් බිම් ජලයෙන් යටවීම, බෙංගාල බොක්ක ආශ්‍රිත මුහුදු ප්‍රදේශවල ගිගුරුම් සහිත වැසි සහ විටින් විට පැයට කිලෝමීටර් 70 - 80 දක්වා තද සුළං වැනි ආපදා සිදුවිය හැකි බවත් මේ නිසා ආපදා අවාදානම් අනතුරු ඇගවීම් පිළිබදව නිරන්තර අවධානය යොමු කරන මෙන් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අවධාරණය කරන ලදී.

     

    පවතින අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් නැවත දැනුම් දෙන තුරු ඊසාන දිග බෙංගාල බොක්ක ආශ්‍රිත මුහුදු ප්‍රදේශය තුළ ධීවර සහ නාවුක කටයුතු වල නොයෙදෙන ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. එසේම අනෙකුත් මුහුදු ප්‍රදේශවල විශේෂයෙන් මන්නාරම බොක්ක මුහුදු ප්‍රදේශය, කොළඹ සිට ගාල්ල මාතර හම්බන්තොට හරහා පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශවල ධීවර කටයුතු වල යෙදෙන පිරිස මේ සම්බන්ධයෙන් දැඩි අවදානයෙන් කටයුතු කරන ලෙසත් ඉදිරි නිවේදන පිළිබදව අවධානය යොමු කරන ලෙසත් ඉල්ලීමක් කරන් ලැබීය.

     

    එසේම බෙංගාල බොක්ක ආශ්‍රිතව ඇති වී තිබෙන කැළඹිලි සහගත ස්වභාවය 23 වන දින වන විට පීඩන අවපාතයක් දක්වාත් 24 දින වන විට සුළි කුනාටුවක් දක්වා වර්ධනය වීමේ වැඩි හැකියාවත් පවතින බව පෙන්වා දෙන ලදී. එළබෙන 26 වන දින මෙම සුළි කුනාටුව බටහිර බෙංගාල වෙරළ වෙත ගමන් කරනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවස යි. වර්ධනය වී ඇති අඩුපීඩන පද්ධතිව හේතුවෙන් ඉදිරි දින කීපය තුළ උතුරු අන්දමන් සහ ඊසාන දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ සහ නිරිත දිග බෙංගාල බොක්ක ආශ්‍රිත මුහුදු ප්‍රදේශවල ගිගුරුම් සහිත වැසි සහ විටින් විට පැයට කිලෝමීටර් 70 - 80 දක්වා තද සුළං පැවතිය හැකි බවත් පෙන්වා දෙන ලදී.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya