පෙබරවාරි 24, 2025
tami eng youtube  twitter facebook

    චීනය තවත් කොවිඩ්-19 සීනෝෆාම් එන්නත් මාත්‍රා 500,000 ක තොගයක් ශ්‍රී ලංකාවට තෑගි කරයි

    මැයි 22, 2021

    චීනය විසින් ශ්‍රී ලංකාවට තවත් සීනෝෆාම් එන්නත් මාත්‍රා 500,000 ක් ලබා දෙනු ඇත. චීනයේ විදේශ අමාත්‍යංශය විසින් මේ බව බීජිංහි ශ්‍රී ලංකා තානාපති ආචාර්ය පාලිත කොහොන මැතිතුමා වෙත 2021 මැයි 19 වැනි දින සනාථ කරන ලදී. මීට පෙර චීනය දැනට ශ්‍රී ලංකාවේ භාවිතා කරනු ලබන මාත්‍රා 600,000 ක ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට තෑගි කළේය.

     

    කොවිඩ්-19 ආසාදන සංඛ්‍යාව භයානක ලෙස ඉහළ යමින් පවතින මෙම තීරණාත්මක අවස්ථාවේ දී, චීනය විසින් ශ්‍රී ලංකාවට ලබා දෙන ලද කාලෝචිත සහයෝගය පිළිබඳව ආචාර්ය පාලිත කොහොන මහතා සිය කෘතඥතාව පළ කළේය. මෙම වසංගතය හේතුවෙන් අප දැඩි අපහසුතාවයට පත්ව සිටින මොහොතක දී චීනය සැබෑ මිතුරෙකු ලෙස ශ්‍රී ලංකාවට උපකාර කිරීමට නැවතත් ඉදිරිපත් වී සිටින බව ආචාර්ය පාලිත කොහොන මහතා අවධාරණය කළේය.

    මෙම එන්නත් මාත්‍රා 500,000 ලද වහාම, බෙයිජිංහි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් ඒවා ශ්‍රී ලංකාවට ගුවනින් ප්‍රවාහනය කිරීම සම්බන්ධීකරණය කරනු ඇත.

    තවද, දේශීය සහ වෙනත් රටවලින් ලැබෙන ඉල්ලුම අසාමාන්‍ය ලෙස ඉහළ යාම හේතුවෙන් සැපයුම අතිශයින් අසීරු වී ඇති කාල සීමාවක දී, සීනෝෆාම් වෙතින් එන්නත් මාත්‍රා මිලියන 14 ක් රාජ්‍ය ඖෂධ සංස්ථාව විසින් ප්‍රසම්පාදනය කිරීම මෙම තානාපති කාර්යාලය විසින් සම්බන්ධීකරණය කොට ඇත.

    මෙම එන්නත් මාත්‍රා මිලියන 14 හි පළමු තොගය සීනෝෆාම් විසින් ළඟදීම නිකුත් කරනු ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya