පෙබරවාරි 24, 2025
tami eng youtube  twitter facebook

    සති අන්තයේ ද සංචරණ සීමා දැඩිව ක්‍රියාත්මකයි-පොලිස් මාධ්‍ය ප්‍රකාශක

    මැයි 23, 2021

    නිරෝධායන නීති උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් ඊයේ දිනයේ කළ විශේෂ මෙහෙයුමකදී පුද්ගලයන් 369 අත්අඩංගුවට ගෙන ඇති බවත්, ඉකුත් ඔක්තෝබර් 30 දින සිට මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති මුළු සංඛ්‍යාව 12112ක් පමණ වන බවත්, පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා ප්‍රකාශ කරයි.


    නිරෝධායන නීති හා සංචරණ සීමා සම්බන්ධයෙන් මාධ්‍ය වෙන තිවේදනයක නිකුත් කරමින් ඒ මහතා 23(අද) දින මේ බව පැවසීය.

    මෙම නිරෝධායන මෙහෙයුම් තවදුරටත් ශ්‍රී ලංකාව පුරා ක්‍රියාත්මක බවත්, ඊයේ (22 දින) බස්නාහිර පළාතෙන් පිටතට පැමිණෙන හා බස්නාහිර පළාතට ඇතුළු වන ස්ථාන 14 කදී  පුද්ගලයින් 3961 දෙනෙක් පරික්ෂා කර ඇති අතර ඔවුන් අත්‍යවශ්‍ය සේවා සාමාජිකයින් බවට පෙනී ගොස් ඇති බවත්, නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසීය.

    අත්‍යවශ්‍ය සේවා සාමාජිකයන් වුවද ඔවුන් නිරන්තරයෙන්ම මුහුණු ආවරණ පැළදීම කළ යුතු අතර වාහනවල ගමන් කිරීමේදී නිරෝධායන රීති අනුගමනය කරමින් කටයුතු කළ යුතු බවත්, එවැනි ආකාරයට කටයුතු නොකළ පුද්ගලයින් 147 දෙනෙකුට ඊයේ දිනයේදී අවවාද කර තිබෙන බවත්, නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසීය.

    පොතුවිල් ආරුගම්බේ ප්‍රදේශයේ සංචාරක හෝටලයක 31 හැවිරිදි ඇමරිකානු ජාතික පුරවැසියෙකු විසින් නිරෝධායන රීති උල්ලංඝණය වන ආකාරයෙන් කටයුතු කිරීම සම්බන්ධයෙන් ඔහුට අවවාද කර ඇති වුවද නිරන්තරයෙන් නිරෝධායන රීති උල්ලංඝණය කිරීම හේතුවෙන් එම පුද්ගලයා අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කර ඇති බවත්, අධිකරණය විසින් ඔහු ඇප බැඳුම්කරයක් මත නිදහස් කර නැවත එම නඩුව මෙම මස 28 වැනි දින විභාග කිරීමට කටයුතු කර තිබෙන බවත්, නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසීය.

    සංචරණ සීමා සම්බන්ධයෙන්ද මෙහෙදී අදහස් දැක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියාසිටියේ ,මෙම සතිඅන්තය තුළදී ද සංචරණ සීමා දැඩිව ක්‍රියාත්මක බවත්, නිවසටම වී සිටින ලෙස පුරවැසියන්ගෙන් ඉල්ලා සිටින බවත්, මෙම කාලය තුළ කුලී රථ සේවා මෙන්ම ත්‍රී රෝද රථ සේවා පවා ක්‍රියාත්මක නොවන බවත්ය.


    මේ අතර මහල් නිවාස අවට ශ්‍රී ලංකා පොලිසිය හා යුද හමුදාව විසින් ඩ්‍රෝන කැමරා යොදා ගනිමින් කල්ලි කණ්ඩායම් වන පුද්ගලයන් සම්බන්ධයෙන් සොයා බැලීම සිදු කෙරෙන බවත්, එවන් පිරිස් සිටී නම් ඔවුන් සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවත්, සියලුම දෙනා අත්අඩංගුවට ගෙන නිරෝධායන රීති යටතේ කටයුතු කරන බවත්, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා වැඩිදුරටත් පැවසීය.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya