කොවිඩ් හා සම්බන්ධ සංචරණ නීති පවතින සමයේදී පොලිසියේ ක්‍රියාකාරිත්වය හා රථ වාහන වැරදි සම්බන්ධයෙන් මාධ්‍ය වෙන තිවේදනයක නිකුත් කරමින් ඒ මහතා (අද) 23 දින මේ බව පැවසීය.
සාමාන්‍ය ආකාරයට නම් අදාළ දඩ පත්‍රිකාව ලබා දීමෙන් දින 14ක් ඉක්ම ගිය පසු දඩ මුදල දෙගුණ වීමක් හා දින 28ක් ඉක්ම ගිය පසු අදාළ පුද්ගලයාට එරෙහිව අධිකරණ කටයුතු සිදු වීමක් සිදු වුවද පවතින තත්වය සළකා බලා සාමාන්‍ය නීති ඒ ආකාරයෙන්ම සිදු කිරීමට නොහැකි බැවින් මෙම ස්ථානීය දඩ ගෙවීමේ පහසුකම සළසා ඇති බවත්, කෙසේ වෙතත් මෙම අවස්ථාව ලැබෙනුයේ අප්‍රේල් මස 05 දින හෝ ඊට පසුව කරන ලද ස්ථානීය දඩ නියමකිරීම් සම්බන්ධයෙන් පමණක් බවත්, නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසීය.