අද(24) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ zoom තාක්ෂණය ඔස්සේ පැවති විශේෂ සාකච්ඡාවකට ඒක්වෙමින් සභාපතිවරයා මේ බව සඳහන් කළේය.
2020/2021 අධ්‍යයන වර්ෂය සදහා විශ්ව විද්‍යාලවලට සිසුන් ඇතුලත් කර ගැනීමේ අයදුම්පත් භාර ගැනීම පසුගිය මැයි මස 21 දා ආරම්භ වූ අතර ජූනි මස 11 වන දා දක්වා අයදුම් පත්‍ර එවීම සඳහා කාලය ලබා දී තිබේ. පසුගිය වසරේ අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙල විභාගයට පෙනී සිට විශ්ව විද්‍යාල ප්‍රවේශයට වරම් ලැබු සිසුන් තම අයදුම්පත් අන්තර්ජාලය ඔස්සේ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට යොමුකළ යුතුය.
එහෙත් රට තුළ පවතින කොරෝනා ව්‍යාප්තිය හමුවේ පවතින සංචරණ සීමා සහ පාසල් වසා තැබීම හේතුවෙන් ඇතිවන අසීරුතාවන් හේතුවෙන් අයදුම් පත් එවීමේදී විදුහල්පතිතුමාගේ සහතිකය සහ සාමාන්‍ය පෙළ ප්‍රථිපල සහතික පත් ආදිය අවශ්‍ය නොවන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පැවසීය.
ප්‍රතිඵලවලට අදාලව සිසුන් විසින් සකස් කරන ලද අයදුම්පත්‍රයේ ඡායා පිටපතක් සහතික කර විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමෙහි විද්‍යුත් ලිපිනයට යොමුකරන ලෙස කොමිසමේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා දැනුම් දෙයි. සංචරණ සීමා වලින් පසුව විදුහල්පතිවරු පාසල්වලට සහභාගිවීමෙන් අනතුරුව,අදාළ සහතික පත්‍ර, සහතික කර ඒවිය යුතු බවද ඒ් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.