සුළි කුණාටුව සම්බන්ධයෙන් අනවශ්‍ය බියක් ඇතිකරගත යුතු නොමැති බවත් ඒහි සෘජු බලපෑම ඇත්තේ උතුරු අන්දමන් දූපත් අසල ගැඹුරු මුහුදු සීමාවට බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා පැවසුවේය.
ඔහු මේ බව කියා සිටියේ අද දින (24) වත්මන් කාලගුණ තත්ත්වය සහ ආපදා තත්ත්වය පිළිබදව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ මාධ්‍ය හමුවේදී කරුණු පැහැදිලි කරමිනි.
පසුගිය දින වල දිවයින ආසන්නයේ බෙංගාල බොක්කෙහි උතුරු අන්දමන් දූපත් අසල කැළඹිලි ස්වභාවයක් පැවති බවද මෙය ක්‍රමයෙන් වර්ධනය වන ස්වභාවයක් පැවති අතර ඒය දිගින් දිගමට වර්ධනය වී අඩු පීඩන කලාපයක් බවට පත්වී ඒය සුළි කුණාටුවක් බවට පත්වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් කියා සිටියේය.
මෙය බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින අතර මෙම සුළි කුණාටුව දෙසට දිවයින හරහා සුළං හමන රටාව වෙනස්වී ඇති බවත් දිවයින හරහා මේ දින වල නිරිත දිශාවෙන් සුළං හමන අතර විශ්ලේෂණ අනූව පෙනී යනනේ මැයි සිට සැප්තැම්බර් දක්වා ඇරඹෙන නිරිතදිග මෝසමද මෙම සුළි කුණාටුවට බද්ධ වී ඇති බව යනුවෙන් ඔහු පැවසුවේය.
දැන් ඒම තත්ත්වය උදාවෙමින් පවතින බවද හෙට වන විට ඒම තත්ත්වය ස්ථාපිත විය හැකි අතර මෙම සුළි කුණාටුව බටහිර බෙංගාල වෙරළ සහ ඒ අසලින් ඉන්දියාවේ ගොඩබිම දෙසට ගමන්කිරීමක් පෙන්නුම් කරන බවද ඔහු පැවසුවේය.
ඒය 26 වනදා වන විට චණ්ඩ සුළි කුණාටුවක් බවට පරිවර්තනය වී ඒම වෙරළ තීරයෙන් ඉන්දියාවට ඇතුළු වන බවද ඔහු අවධාරණය කළේය.
මෙම සුළි කුණාටුවෙහි වක්‍ර බලපෑම අපගේ දිවයිනෙහි කාලගුණයටද යම් වෙනසක් ඇති කරන අතර සුළං හැමීම නිරිත දිග දිශාවෙන්ද නිරන්තරයෙන් දිවයින තුළ වර්ෂාපතනයෙහි වෙනසක් සහ විශේෂයෙන්ම දිවයිනෙහි බස්නාහිර, සබරගමුව, දකුණ, මධ්‍යම හා වයඹ පළාත් වල නිරන්තර වැසි හෝ ගිගිරුම් සහිත වැසි තත්ත්වයක් නිර්මාණය වන අතර ප්‍රධාන වශයෙන් ඒම පළාත් වල අහස වළාකුලෙන් බරව පවතින බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා අවධාරණය කළේය.
නිරිතදිග මෝසම් කාලයේ වහින වැස්සෙහි යම් රටාවක් පවතින බවද ඒ අනූව ඒක දිගට වැසි ඇද නොහැලෙමින් වැස්සත් සමග සූර්යාලෝකය වැටෙහ තත්ත්වයක් දැකිය හැකි බවද මෙම තත්ත්වය යටතේ අද දින වැඩි වර්ෂාපතනයක් සබරගමුව, මධ්‍යම, ගාල්ල මාතර දිස්ත්‍රික්ක වලට ඇතිවිය හැකි සේම ඒම දිස්ත්‍රික්ක වල සමහර ස්ථාන වලට මිලි මීටර් 100ක පමණ වර්ෂාපතනයක් ඇති විය හැකි බවද ඔහු සදහන් කළේය.
මීට අමතරව සුළි කුණාටුවෙහි වක්‍ර බලපෑම හේතු කොටගෙන දිවයින තුළ උතුරු, උතුරු මැද, වයඹ, ඌව, හම්බන්තොට දිස්ත්‍රික්ක වල සහ මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම දෙසට සුළගේ වේගය පැයට කිලෝමීටර 50 – 60 දක්වා වැඩිවීමක් අපේක්ෂා කරන අතර ඒ පිළිබදව ජනතාව දැනුවත් කර ඇති බවද ඔහු කියා සිටියේය.
ඊට අමතරව දිවයින වටා ඇති ගැඹුරු සහ නොගැඹුරු මුහුදු තීර වල මෙම වැසි තත්ත්වය වෙනස් වීම සහ සුළගේ වේගය වැඩිවීම අප රටට බලපාන බව ධීවර සහ නාවික ප්‍රජාව දැනුවත් කළ බවද, ධීවර ප්‍රජාවට වැසිත් සමග සුළගේ වේගය පැයට කිලෝමීටර 60 – 70 දක්වා ඉහළ යා හැකි බව මෙන්ම කඩින් කඩ වැසි ඇති විය හැකි බවත් මුහුදු රළ ඉහළයාම් සිදුවිය හැකි බවත් අනතුරු අගවා ඇති බවද ඔහු පැවසුවේය.
අදට සාපේක්ෂව හෙට සහ අනිද්දා දින වල වර්ෂාපතනය වැඩිවිය හැකි බවද, කලින් සදහන් කළ ප්‍රදේශ වල සමහර ස්ථානයන්හි මිලි මීටර් 150ක පමණ වර්ෂාපතනයන් ලැබීමේ හැකියාවක් පවතින බවද ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.
මෙම මාධ්‍ය සාකච්ඡාවට සම්බන්ධ වෙමින් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ මේජර් ජනරාල් සුදන්ත රණසිංහ මහතා කියා සිටියේ වාර්ෂික නිරිතදිග මෝසමෙන් සිදුවන ආපදාවන්ට අමතරව මෙම වසරේ ඩෙංගු සහ කොවිඩ් තත්ත්ව හේතුවෙන් ආපදාවන්ට මුහුණදීමට විශේෂ සූදානමකින් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පසුවන බවයි.
ඒ් අනූව ඇතිවිය හැකි ආපදාවන් වශයෙන් ගංවතුර, නායයෑම්, අකුණු සැර වැදීම්, කණ්ඩි කඩාවැටීම්, ගස් කඩාවැටීම්, තද සුළං ආදිය යනුවෙන් පෙන්වාදුන් ඔහු වැඩිදුරටත් පැවසුවේ ඒම තත්ත්වයන් සම්බන්ධයෙන් ජනතාව නිසි ලෙස දැනුවත් කරමින් අනතුරු සම්බන්ධව පෙර සූදානමක් පවතින අතර දිස්ත්‍රික් මට්ටමෙන් දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ක්‍රියාන්විතයද මනා සූදානමකින් පසුවන බවයි.
ජනතාව අතර කොරෝනා රෝගය බෝ වීමට ආපදාව හේතු නොවන ලෙස කටයුතු කිරීමට සූදානම් - නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත්.
ජනතාව අතර කොරෝනා රෝගය බෝ වීමට ආපදාව හේතු නොවන ලෙස කටයුතු කිරීමට සූදානම් බව මෙම මාධ්‍ය සාකච්ඡාවට ඒක්වෙමින් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා කියා සිටියේය.
මෙවර කොරෝනා වසංගතය සමග අලුත් තත්ත්වයක් යටතේ ආපදාවට මුහුණ දෙන්නේ කෙලෙසද යන්න පිළිබද සෞඛ්‍ය අංශ මෙන්ම සෑම අංශයක්ම අවදානයෙන් පසුවන බවද, කොරෝනා රෝගීන් සිටින නිවෙස්, නිරෝධායනය වන නිවෙස් සහ ආපදාවන්ට ලක්වූ ප්‍රතිකාර මධ්‍යස්ථාන ආදිය මෙන්ම අවතැන් වූවන් හා නිවෙස් වලට කොටුවී සිටින සියලු පාර්ශවයන් සදහා සෞඛ්‍යාරක්ෂා කරගැනීමට අවශ්‍ය වැඩපිලිවෙලක් සකස් කර ආපදා තත්ත්වයන් සදහා සූදානමින් පසුවන බවද ඔහු පැවසුවේය.
මෙහිදී අවසානය තෙක් බලා නොසිට ආපදා ස්ථාන වලින් ආරක්ෂිත ස්ථාන සදහා ඉවත්වීමට කල්තියා දැනුවත් කර ඇති පාර්ශවයන් කල්තියා විටවයෑම වටින බවද මේ අවස්ථාවේදී හදිසි මුදාගැනීම තෙක් ඒම ස්ථාන වල රැදීම හදිසි මුදාගැනීමට සම්බන්ධ වන දෙපාර්ශවයටම කොවිඩ් අවදානමක් පවතින බවද වෛද්‍යවරයා සිහිපත් කළේය.
අනතුරු ඇගවීම් කළ වහාම අදාල ස්ථාන වලට ලගාවීම වැදගත් වන අතර කල් ඇතිව සූදානම් වීමද වැදගත් බව ඔහු කියා සිටියේය.
වයඹ, දකුණු, බස්නාහිර, මධ්‍යම, සබරමගුව ආදී ආපදාවන්ට ලක්විය හැකි පළාත් වල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් ඇතුළු සියලු සෞඛ්‍ය අංශ මේ සම්බන්ධයෙන් දැනුවත් කර ඇති බවද මේ දිනවල ඩෙංගු රෝගය පැතිරයා හැකි බැවින් මදුරුවන් බෝ විය හැකි ස්ථාන ඇති නොකිරීමට ජනතාව වගකීමෙන් කටයුතු කළ යුතු බවද උණ ඇතිනම් වෛද්‍ය උපදෙස් ලබාගන්නා ලෙසද වෛද්‍යවරයා වැඩිදුරටත් පැවසුවේය.