පෙබරවාරි 24, 2025
tami eng youtube  twitter facebook

    සංචරණ සීමා දීර්ඝ වෙයි

    මැයි 24, 2021

    දැනට පනවා තිබෙන සංචරණ සීමා ජූනි මස 7 වැනිදා දක්වා දීර්ඝ කිරීමට තීරණය කර තිබේ.

    අද (24) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පැවැති විශේෂ මාධ්‍ය හමුවේ දී අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සහ ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා විසින් මේ බව සඳහන් කළේ ය.

    සංචරණ සීමාවලට යටත්ව හෙට (25) අළුයම 4.00ට අත්‍යාවශ්‍ය භාණ්ඩ ලබාගැනීම සංචාරණ සීමා ලිහිල් වන අතර එදින රාත්‍රී 11.00 සිට සංචරණ සීමා යළි පැනවෙයි. මෙම පනවා තිබෙන සංචරණ සීමා නැවත මැයි 31 සහ ජුනි 04 දිනවල යළි අළුයම 4.00ට ලිහිල් කර නැවත රාත්‍රී 11.00ට සංචරණ සීමා පැනවෙයි. නැවත ජූනි 07 සංචරණ සීමා ලිහිල් කෙරෙන බව යුද හමුදාපතිවරයා කීය.

    සංචාරන සීමා ලිහිල් කරන දිනවල රථවාහන ධාවනය නොකරන ලෙසත් පවුලෙන් එක් අයෙකු පමණක් එළියට පැමිණ අත්‍යාවශ්‍ය භාණ්ඩ ලබාගන්නා ලෙසත් මාධ්‍ය හමුවට එක් වූ අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියේ ය.

    සුපිරි වෙළඳ සැල් වල හෝ මාර්ගයේ වාහන ගාල් කිරීමෙන් වළකින ලෙසත් තම නිවසට ළඟම තිබෙන පාරිභෝගික සේවා ආයතන හා ඖෂධ සැල් සඳහා අත්‍යාවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට පමණක් පැමිණෙන ලෙසත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ ය.

    රජයක් ලෙස ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් නිරන්තරයෙන් කැපවෙන බව කී අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා, සියලු ජනතාව මේ අවස්ථාවේ දී සහාය ලබාදෙන ලෙස ද ඉල්ලා සිටියේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya