පෙබරවාරි 24, 2025
tami eng youtube  twitter facebook

    සංචරණ සීමා පවතින අවස්ථාවලදී පවා ජංගම සේවා පවත්වමින් ජනතාවට සේවය සැපයීමට රජය පියවර ගෙන තිබෙනවා

    මැයි 24, 2021

    සංචරණ සීමා පවතින අවස්ථාවලදී පවා ජංගම සේවා පවත්වමින් ජනතාවට සේවය සැපයීමට රජය පියවර ගෙන ඇති බව ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.

    සංචරණ සීමා පැනවීම හා සමබන්ධයෙන් මාධ්‍යය වෙත කරුණු පැහැදිළි කිරීම සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (24 දා ) පැවති මාධ්‍ය හමුවේදී ඔහු මේ බව පැවසීය.

    ඒ අනුව දැනට පවතින සංචරණ සීමා ලිහිල් කිරීම හෙට(24) අදෑසන 04.00ට සිදුවන අතර එම සංචරණ සීමා නැවත පැනවීම එදිනම රාත්‍රී 11.00ට සිදු කිරීමට නියමිතය. ඉන් අනතුරුව එම සංචරණ සීමා මැයි මස 31 දක්වා බලපැවැත්වෙන අතර එදින උදෑසන 04,00ට එම සංචරණ සීමා ලිහිල් කෙර්. පසුව එම සංචරණ සීමා නැවත පැනවීම එදින රාත්‍රී 11.00ට සිදුවන අතර එම සංචරණ සීමා ජුනි මස 04 දක්වා අඛණ්ඩව බලපැවැත්වේ.

    එම සීමා පැනවීම නැවත වරක් ජුනි 04 වැනිදා උදෑසන 04.00ට ලිහිල් කෙරෙන අතර එදින ම රාත්‍රී 11.00 ට නැවත පැනවීම සිදුවේ. ඉන් අනතුරුව එම සීමා කිරීම ජුනි 07 වැනිදා දක්වා අඛණ්ඩව බලපැවැත්වේ.

    මෙම සීමා ලිහිල් කිරීමේ අරමුණ ඹෟෂධ ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ජනතාවට ලබා ගැනීමට හැකියාව ලබාදීමට පමණක් බවත්, මෙම සීමා ලිහිල් කිරීමේදී එක් පුද්ගලයෙක් පමණක් එක් නිවසකින් පැමිණ ළඟම තිබෙන අත්‍යවශ්‍ය වෙළඳසලකින් තමන්ට අත්‍යාවශ්‍යම භාණ්ඩ පමණක් රැගෙන යාමට කටයුතු කරන ලෙස ඉල්ලා සිටින බවත් යුදහමුදාපතිවරයා පැවසීය.

    කිසිදු අවස්ථාවක නිවසින් දුර බැහැර ස්ථානයක තිබෙන වෙළඳසලකට යාමට කටයුතු නොකරන ලෙසත් එසේ යාමෙන් රජය විසින් පනවන සංචරණ සීමා කිරීම්වලින් ප්‍රයෝජනයක් නොමැති විය හැකි බවත් යුද
    හමුදාපතිවරයා පෙන්වා දෙයි.

    ප්‍රාදේශීය ලේකම්වරයා මාර්ගයෙන් විවෘත වන වෙළඳසල් මොනවාද යන්න සම්බන්ධයෙන් දැනුම්වත් කර ඇති බවත් ඒ හැර වෙනත් කිසිඳු වෙළඳසලක් විවෘත නොවන බවත්, අත්‍යවශ්‍ය වෙළඳසල් හැර සුරාසල් ආපනශාලා වැනි ඒවා විවෘත නොවන බවත්, හමුදාපතිවරයා වැඩිදුරටත් පැවසීය.

    මේ වන විට හුදකලා කර ඇති ග්‍රාමසේවා වසම්වල ජනතාවට එම ප්‍රදේශ හෙටදින වන විටත් හුදකලාබවින් නිදහස් කර නොමැති නම් හෙට දින වන විටත් හුදකලා කර ඇත්නම් ඔවුන්ට සංචරණය කිරීමට හැකියාවක් නොමැති බවද හමුදාපතිවරයා පැවසීය.

    අත්‍යවශ්‍ය සේවාවක් ලෙස සළකමින් සංචරණ සීමා ලිහිල් කළ විට බැංකු ශාඛා විවෘත කර තැබීමට මෙන්ම අත්‍යවශ්‍ය තත්ත්වය යටතේ සතොස විවෘත කර සංචරණ සීමා පවතින අවස්ථාවලදී පවා ජංගම සේවා
    පවත්වමින් ජනතාවට සේවය සැපයීමට රජය තීරණය කර ඇති බවද යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා වැඩි දුරටත් පැවසීය.

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya