සංචරණ සීමා පැනවීම හා සමබන්ධයෙන් මාධ්‍යය වෙත කරුණු පැහැදිළි කිරීම සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (24 දා ) පැවති මාධ්‍ය හමුවේදී ඔහු මේ බව පැවසීය.
මීට පෙර දින සිදුවූ සංචරණ සීමා ලිහිල් කිරීමේදී සියලු වෙළඳසල් විවෘත වුවද හෙට දිනයේ සංචරණ සීමා ලිහිල් කිරීමේදී ඒ ආකාරයෙන් වෙළඳසල් විවෘත නොවන බවත්, මෙහිදී විවෘත වන්නේ බේකරි, මාලු, සහල්, සිල්ලර බඩු, ආහාර පාන, මස්, කුළු බඩු ආදී අලෙවි කරන ස්ථාන පමණක් බවත්, නීතිඥ අජිත් රෝහණ මහතා පැවසීය.
ඒ සඳහා පැමිණිය හැක්කේ අදාළ වෙළඳසලට ළඟම සිටින පුද්ගලයන්ට පමණක් බවත්, ඒ ප්‍රදේශයේ තාවකාලික හෝ ස්ථීර පදිංචිකරුවෙක්ද යන්න තහවුරු කරගැනීමට හැඳුනුම්පත රැගෙන පැමිණිය යුතු බවත්, නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසීය.
යම් පුද්ගලයකුට පා ගමනින් වුවත් අදාළ සීමාවෙන් පිටතට යාමට අවසර නොමැති බවත්, කිසිවකුට වාහන භාවිතා කරමින් පැමිණීමට අවසර නොමැති බවත්, මෝටර් රථ, ත්‍රී රෝද රථ හෝ යතුරුපැදි රැගෙන පැමිණිය නොහැකි බවත්, එසේ රැගෙන පැමිණ ඒවා මහා මාර්ගයේ හෝ වෙළඳසල් හා සුපිරි වෙළඳසල් අසළ ගාල් කිරීම තහනම් බවත්, නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් පැවසීය.
යම් මෝටර් රථයක් ගාල් කරන්නේ නම් එය අවසර ගත් අත්‍යවශ්‍ය සේවා රියක් හෝ අවසර ගත් ඩිලිවරි රියක් විය යුතු බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.
එමෙන්ම වෛද්‍යවරුන්ගේ ලාංඡන සහිතව වෛද්‍යවරුන් මුවාවෙන් හෝ වෙනත් අත්‍යවශ්‍ය සේවාවල මුවාවෙන් යම් යම් පුද්ගලයින් ගමන් කරන බවට තොරතුරු ලැබෙන බවත්, එම තොරතුරු සම්බන්ධයෙන් විශේෂ කණ්ඩායම් යොදවා සොයා බැලීමට කටයුතු යොදා ඇති බවත්, යම් ආකාරයකින් හැඳුනුම්පතක් ඉල්ලා සිටියහොත් ලබාදීමට කටයුතු කරන ලෙස වෛද්‍යවරු සහ අත්‍යවශ්‍ය සේවා වලින් ඉල්ලා සිටින බවත්, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.
නිවසින් පිටව යන විට කණ්ඩායම් ගැසී වෙළඳසල් වෙත යාමෙන් වළකින ලෙසත්, යම් පුද්ගලයකු කණ්ඩායම් ලෙස පිටතට යන්නේ නම් එම පිරිසට එරෙහිව නිරෝධායන නීතිය යටතෝ කටයුතු කරන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා අවධාරණය කළේය.
ඉකුත් පැය 24 ක කාලය තුළ නිරෝධායන නීති උල්ලංඝණය කළ පුද්ගලයන් 636 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බවත්, මැයි 25 වැනිදා, මැයි 31 වැනිදා මෙන්ම ජුනි 04 වැනිදා සංචරණ නීති දැඩිව ක්‍රියාත්මක කරන බවත්, නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් පැවසීය.