සංචරණ සීමා පැනවීම හා සමබන්ධයෙන් මාධ්‍යය වෙත කරුණු පැහැදිළි කිරීම සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ (24 දා ) පැවති මාධ්‍ය හමුවේදී ඔහු මේ බව පැවසීය.
ඒ අනුව 25 දින සිට සංචරණයේ යෙදෙන සියලු රථ වාහන විශේෂ පරික්ෂාවකට ලක් කෙරෙන බවත්, මෙම සංචරණ සීමා සමයේ අත්‍යාවශ්‍ය කටයුතු ලෙස සඳහන් කරමින් මත් ද්‍රව්‍ය ඇතුළු විවිධාකාර නීති විරෝධී කටයුතුවල නිරතවන පුද්ගලයන් සම්බන්ධයෙන් සෙවීමට විශේෂ කණ්ඩායම් යොදවා ඇති බවත්, නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසීය.
ඒ ආකාරයට නීති විරෝධී කටයුතු සිදු කරන පුද්ගලයින් සම්බන්ධයෙන් දැඩි සෝදිසි මෙහෙයුම් මෙන්ම දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කරන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.
යම් හෙයකින් අසනීප තත්වයක් යටතේ රෝහල් ගතවීමට හෝ ගැබිණි මව්වරු වැනි අයගේ අවශ්‍යතා සඳහා රෝහල් වෙත යාමට කිසිඳු බාධාවක් නොමැති බවත් එවැනි අවශ්‍යතා සඳහා යන්නේ නම් පෞද්ගලික වාහනයක් හෝ විශ්වාසවන්තම කුලී රථයක් යොදාගන්නා ලෙසත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියාසිටී.