පෙබරවාරි 24, 2025
tami eng youtube  twitter facebook

    සේවයෙන් විශ්‍රාම යන නීතිපති අගමැති බැහැ දකියි

    මැයි 25, 2021

    නීතිපති ධුරයෙන් විශ්‍රාම යන ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා මහතා (24) දින අරලියගහ මන්දිරයේ දී ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා බැහැ දුටුවේය.


    තමන් නීතිපති ධුරයෙන් විශ්‍රාම යන බව අග්‍රාමාත්‍යතුමාට සැළ කර සිටි ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා මහතා තම සේවා කාලය තුළ විශාල නඩු සංඛ්‍යාවක් සම්බන්ධයෙන් තීරණය කොට ඉදිරි කටයුතු සිදු කිරීමට හැකි වූ බව පෙන්වා දුන්නේය.


    මෙරට තීරණාත්මක නඩු කිහිපයකටම අදාළව කටයුතු කිරීමට ලැබීම මෙන්ම තවත් විශාල අපරාධමය නඩු සංඛ්‍යාවකට මුලපිරීමට සහ එම විමර්ශන සම්බන්ධව උපදෙස් දීම ද තම සේවා කාලය තුළ සිදුවූ සේවාවක් බව ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා මහතා පැවසීය.


    අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා මහතාගේ විශ්‍රාම දිවියට සහ ඉදිරි කටයුතුවලට සුබ පැතුම් එක් කළේය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya