කොවිඩ් 19 රෝගය දිවයින පුරා ව්‍යාප්තවීමත් සමඟ එයට සමගාමිව අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන ඉදිකිරීම් කටයුතු කඩිනමින් සිදුවෙමින් පවති.
අනුරාධපුර දිස්ත්‍රීක්කයේ රෝගය ව්‍යාප්ත වීමත් සමග ප්‍රධාන ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වන “මෙත්සිරි සෙවණ” ප්‍රතිකාර මධ්‍යස්ථානයේ කටයුතුද සොයා බැලීමට ඖෂධ නිෂ්පාදනය, සැපයීම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පසුගියදා නිරික්ෂණ චාරිකාවක නිරතවිය.
එම මධ්‍යස්ථානය භාරව සිටින මහාචාර්ය සිසිර සිරිබද්දන මහතා හා වෛද්‍ය චින්තක රත්නසූරිය මහතා සමග එහි වර්තමාන තතත්වය පිළිබඳ සොයා බලන ලදි. එම අවස්ථාවේදි එහි තිබෙන අඩුපාඩු සොයා බලා කඩිනමින් සපයා ගැනීම සඳහා රේඛීය අමාත්‍යාංශයේ නිලධාරීන්ව රාජ්‍ය අමාත්‍යවරයා විසින් දැණුවත් කරණලදි.