සංචරණ සීමා පැනවීම හා සමබන්ධයෙන් මාධ්‍යය වෙත කරුණු පැහැදිළි කිරීම සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ (24 දා ) පැවති මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා මේ බව පැවසීය.
එමෙන්ම භාණ්ඩ අපනයනය සිදුකරන කර්මාන්තශාලාවලටද සෞඛ්‍ය උපදෙස් පරිදි එම කටයුතු කරගෙන යාමට හැකියාව පවතින බවත්, ඒ සම්බන්ධයෙන් රජය බාධා කිරීමක් සිදු නොකරන බවත් අමාත්‍යවරයා මෙහිදී පැවසීය.
එමෙන්ම සියලුම ඖෂධ ලබාගැනීමට ඔසුසල නිරන්තර විවෘත කර තිබෙන බවත්, කිසිඳු අවස්ථාවක රජය මෙම සංචරණ සීමා හරහා පුරවැසියන් අපහසුතාවයට පත් කිරීමට බලාපොරොත්තු නොවන බවත් අමාත්‍යවරයා පැවසීය.
මෙහිදී රෝහල්වල කොවිඩ් සම්බන්ධ පහසුකම් පිළිබඳ අදහස් දැක්වූ අමාත්‍යවරයා පැවසුවේ, රෝහල්වල පහසුකම් නොමැතිබවට ඇතමුන් කරන චෝදනා ව්‍යාජ ඒවා බවත්, රෝහල් ප්‍රධානීන් විසින් ව්‍යාපාරිකයන් ඇතුළු පිරිසගෙන් රෝහල් සඳහා පහසුකම් ඉල්ලා ඇති බවට පැවසෙන පුවත් අසත්‍ය බවත්ය.
පවතින තත්වය යටතේ දේශපාලන වාද පසෙකලා රටක් හැටියට එකට ගමන් කරන්නැයි ඉල්ලීමක් රජය සියලු දේශපාලන පක්ෂවලට සිදුකරන බවද අමාත්‍යවරයා පැවසීය.