ඒ අනුව විදේශ අමාත්‍යාංශය සංවිධානය කළ විශේෂ ධර්ම දේශනයක් ඉකුත් මැයි 21 වනදා බම්බලපිටිය සිරි වජිරාම විහාරස්ථාන වාසී අති පූජ්‍ය ඤණසීහ නාහිමියන්ගේ මූලිකත්වයෙන් එම විහාරස්ථාන පරිශ්‍රයේදී පැවැත්විණ.
මෙම ධර්ම දේශනාවට සමගාමීව විදේශ සේවා නිලධාරින්ගේ සංගමය හා විදේශ අමාත්‍යංශයේ සුබ සාධක සංගමයේ මෙහෙයවීමෙන්, වර්තමානයේ පවතින කොවිඩ්-19 වසංගත තත්ත්වයේ බලපෑමට ලක්වූ අමාත්‍යංශයේ පවිත්‍රකාරක සාමාජික සාමාජිකාවන්ගේ පවුල් සඳහා වියළි ආහාර ද්‍රව්‍ය අඩංගු පාර්සල් බෙදා දීමක්ද සිදු විය.
විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා, කලාපීය සහයෝගීතා රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා, විදේශ අමාත්‍යංශයේ ලේකම් අද්මිරාල් මහචාර්ය ජයනාත් කොළඹගේ මහතා, විදේශ සේවා නිලධාරින්ගේ සංගමයේ සභාපති විශ්වනාත් අපොන්සු මහතා ඇතුළු එම සංගමයේ සෙසු නිලධාරීන් මෙන්ම විදේශ අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් ද මෙම අවස්ථාවන්වලට සම්බන්ධ වී සිටියහ.