අද (25) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් මාධ්‍ය හමුවට ඒක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. මෙවැනි අවස්ථාවක සෑම ජනතාවකටම විශාල කැපකිරීමක් සිදු වන බවද අමත්‍යවරයා පැහැදිළි කළේය.
කොවිඩ් දෙවෙනි රැල්ල හමුවේ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය බෙදා හැරීමේ ක්‍රමවේදය වඩා සාර්ථකව ක්‍රියාත්මක වුවද මෙවර ජංගම වෙළෙඳ රථ වල ව්‍යාපාරික මහතුන් පවා ඒ් සඳහා යම් පසුබෑමක් පෙන්වා අතැයි පෙන්වා දුන් අමාත්‍යවරයා ප්‍රාදේශීය වශයෙන් ඒ් සඳහා ඉඩ ලබා දුන්නද ඒම ව්‍යාපාරික මහතුන්ගේ උනන්දුව මදි බවක් අතැයිද කීය.ඒ් අනුව ප්‍රාදේශිය වශයෙන් ඒක් ග්‍රාම සේවා වසකටම ජංගම වෙලද සැල් දෙකක් විවෘත කර අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිලදී ගැනිමේ පහසුකම් සළසා අතැයිද කීය.
සංචරණ සීමා ඉවත් කළ අද දිනයේ වාහන භාවිතය සම්බන්ධයෙන් නියාමනයක් පනවා ඇත්තේ, විශාල වාහන තදබදයක් ඇති වීම හේතුවෙන් බවත්, වසංගත ව්‍යාප්තිය හමුවේ රට බරපතල තත්වයක පවතින බැවින් මෙම නීති සඳහා සහාය ලබා දෙන මෙන් කැබිනට් අමාත්‍යවරයා අද ජනතාවගෙන් ඉල්ලා සිටීයේය.