රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් මාධ්‍ය හමුවේ දී ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ බව සඳහන් කළේය.
මේ වන විටත් කොළඹ සහ ඒ අවට මාධ්‍යවේදින් සඳහා එන්නත් ලබා දීම පසුගිය දින කිහිපයේ දී ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ දී සිදු වූ බවද ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.
ජනමාධ්‍යවේදීන් මේ වන විටත් විශාල ප්‍රමාණයක් කොව්ඩ් වෛරසය ආසාදනය වීම සම්බන්ධයෙන් සහ ඔවුන් සම්බන්ධයෙන් නිරෝධායන මධ්‍යස්ථානයක් පිහිටුවීම සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු දෙමින් සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පැවසුවේ, ඉදිරියේදී ආරක්ෂක අමාත්‍යංශය සමග සාකච්ඡා කර ඒ සඳහා විශේෂ මාධ්‍යස්ථානයක් පිහිටුවීමට කටයුතු කරන බවයි.