ඔහු මේ බව පැවසුවේ අද දින (25) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු යොමු කළ පැනයකට පිළිතුරු දක්වමිනි.
වාහන භාවිතය පිළිබදව පැහැදිලි නියාමනයන් පනවා ඇති අතර සංචරණ සීමා පනවා තිබුණද ඊයේ දින කොළඹ නගරය තුළ අතිවිශාල වාහන ප්‍රමාණයක් ධාවනය වුණු බවද, බලාපොරොත්තු වන නියාමනයන් සහ සෞඛ්‍ය අංශ බලාපොරොත්තු වන රෝගය පාලනය කරගැනීම පිළිබදව පැහැදිලි ගැටලුවක් ඒ හරහා මතුවන අතර ඒම නිසා පනවන රීතීන්ට අනුගතව ක්‍රියා කරන ලෙස ජනතාවගෙන් පැහැදිලිව ඉල්ලා සිටින බවද ඔහු අවධාරණය කළේය.
සෑම කෙනෙකුටම ක්‍රෙඩිට් කාඩ් පත් භාවිතයට, ATM යන්ත්‍ර භාවිතයට ආදියට පෞද්ගලිකව යම් අපහසුතාවයක් ඇති විය හැකි වුවද, මෙම දින කිහිපයේදී අදාල ක්‍රමවේදයන්ට කිසියම් තාවකාලික සහනයක් ලබාගත හැකි ක්‍රමවේදයන් සකස්කර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවද, සෑම කෙනෙකුම කැපකිරීමක් නොකළහොත් රෝගය මර්දනය කිරීම පිළිබදව පැහැදිලි ගැටලුවක් මතුවන බවද අමාත්‍යවරයා සදහන් කළේය.