වෙසක් උත්සවය නිමිත්තෙන් අද (26) සහ හෙට (27) දිවයින පුරා පිහිටි සියලුම සුරාසල් සහ මස් මාංශ අලෙවි සැල් වසා දමන්නැයි බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා වශයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නියෝග කර තිබේ.
ඒ අනුව 26 හා 27 දෙදින සියලුම සුරා සැල්,සතුන් මරණ ස්ථාන, මස් මාංශ අලෙවි සැල් වසා දැමිය යුතු අතර සුපිරි වෙළඳ සැල් ඔස්සේ මත්පැන් අලෙවිය මෙන්ම මස් මාංශ අලෙවි කිරීම නතර කරන්නැයි අග්‍රාමාත්‍යවරයා දන්වා ඇත.
සංචරණ සීමා කාලයන්ට අදාළව දැනටමත් සුරා සැල් වසා තබන්නැයි රජය විසින් නියෝග කර තිබෙන අතර වෙසක් උත්සවයට සමඟාමීව අද සහ හෙට මස් මාංශ අලෙවිය ද මුළුමනින්ම නවතා දැමිය යුතු බව අග්‍රාමාත්‍යවරයා දන්වා සිටියි.