සියලු සත්වයන් කෙරෙහි කරුණාව, දයාව ,ගෞරවය දක්වන අවිහිංසාවාදී ජීවන ප්‍රතිපත්තිය වත්මන් ව්‍යසනය හමුවේ බුදු දහමෙන් ලොවටම ලබාදිය හැකි මහඟු පණිවුඩයක් වනු ඇති බවද හෙතෙම පෙන්වා දෙයි .
වෙසක් දිනය නිමිත්තෙන් පණිවුඩයක් නිකුත් කරමින් අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා මේ බව පවසයි.
එදා විශාලා මහනුවර තුන් බියෙන් මුදවාලූ අසමසම සත්‍යානුභාවය උතුම් බුදු දහමෙහි ගැබ්ව ඇතැයි ද මෙනිසා හදවත හා නිවස පන්සලක් කරගනිමින් ආමිස හා ප්‍රතිපත්ති පූජා ඔස්සේ මෙවර වෙසක් දිනය සැමරීමට ජාතියක් ලෙස සැවොම කැපවිය යුතුව ඇතැයිද ඒ මහතාගේ වෙසක් දින පණිවුඩයේ සඳහන් වේ.
සොබාදහමේ අසිරිය ලොවට විදහා දුන් බුදු හිමියන්ගේ මූලික ඉගැන්වීම් වූයේ ශික්ෂාකාමී විනය ගරුක සමාජයක් ලොවට නිර්මාණය කිරීම බවත් කාල විපත්තියකට මුහුණ දී තිබෙන අධ්‍යතන සමාජයේ එය කොතරම් ප්‍රායෝගික වේදැයි මනාව තහවුරු කරගත යුතු බවත් අමාත්‍යවරයා පවසයි.
මානව ශිෂ්ටාචාරයේ පුළුල් පරාසයක් ආලෝකමත් කළ ශ්‍රේෂ්ඨ දාර්ශනිකයෙකු,විශිෂ්ට මානවවාදී ශාස්තෘවරයකුගේ උත්තුංග දැක්ම පිළිබඳව බුදුදහම සමස්ත ලෝකයටම පණිවුඩයක් ලබාදී ඇතැයිද එම උතුම් දහම ලොවට පසක් කළ සම්බුදු හිමියන්ගේ උතුම් තෙමඟුල සිහිකිරීම වෙසක් මංගල්‍යයද රඹුක්වැල්ල මහතා පෙන්වා දෙයි.
මානව සංහතිය බරපතළ ව්‍යසනයකට මුහුණපා ඇති මොහොතක සැමරෙන මෙම වෙසක් මංගල්‍යය ශ්‍රී ලංකා හා ලෝවැසි ජනතාවගේ නිදුක් ,නිරෝගී දිවියට මෙන්ම ආධ්‍යාත්මක සැපතට හේතු වේවායි ! අමාත්‍යය රඹුක්වැල්ල මහතා සිය වෙසක්දින පණිවුඩයෙන් වැඩිදුරටත් පවසයි.