ගංඟාරාම විහාරස්ථානයට පැමිණි අග්‍රාමාත්‍යතුමා සහ ආර්යාව ආගමිකවතාවත්වල නිරතවීමෙන් අනතුරුව පිරිවෙන් අධ්‍යාපනය ලබන සාමණේරවරු 100කට අධ්‍යාපන ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමේ වැඩසටහනට ද එක්වූහ.
මෙහිදී “සාමණේර රැකවරණ” ශිෂ්‍යත්ව ප්‍රදානය සංකේතවත් කරමින් අග්‍රාමාත්‍යතුමා සාමණේර හිමිනමකට ශිෂ්‍යත්වයක් ප්‍රදානය කළේය. අග්‍රාමාත්‍ය ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය ද මෙම උතුම් කාර්යය හා එක්වූවාය.
ගංඟාරාම විහාරාධිකාරී ආචාර්ය කිරින්දේ අස්සජි ස්වාමීන්වහන්සේ මෙහිදී අනුශාසනාවක් පැවැත්වූහ. වෙසක් මංගල්‍යයේ අරුත් පැහැදිලි කළ උන්වහන්සේ කොවිඩ්-19 වසංගතයේ භයානකකම පෙන්වා දෙමින් මෙවර බුද්ධ රශ්මි ජාතික වෙසක් කලාපය සංවිධානය කළ ද ජනතාවට එය නැරඹීමට පැමිණිය නොහැකි බව දැනුම් දුන්හ.
ඉන් අනතුරුව අග්‍රාමාත්‍යතුමා ගංඟාරාම සීමා මාලකය අසලදී බුද්ධ රශ්මි ජාතික වෙසක් කලාපය නිල වශයෙන් විවෘත කළේය.
අමෙරිකා එක්සත් ජනපදයේ ප්‍රධාන සංඝනායක වල්පොල පියනන්ද නාහිමි, මාතර හම්බන්තොට දෙදිසාවේ ප්‍රධාන සංඝනායක, මාතර හිත්තැටිය රජමහ විහාරය සහ කොට්ටාව මාලපල්ල ශ්‍රී සුදර්ශනාරාම අධිපති සහ හිටපු බස්නාහිර පළාත් පිරිවෙන් අධ්‍යාපන අධ්‍යක්ෂ රාජකීය පණ්ඩිත අග්‍රහැර කස්සප නාහිමි ඇතුළු මහා සංඝරත්නය මෙම අවස්ථාවට වැඩමකළ වදාළහ.