මෙහිදී පරිත්‍යාග කළ රුපියල් මිලියන තුනක වටිනාකමින් යුත් වෛද්‍ය උපකරණ තොගය සදහා Multipara Monitors, ECG Machine Single Channel, Suction Machine, Pulse Oximeters, BP Meter, Infrared Thermometer, Laryngoscope Adult, Laryngoscope Child, ICU Beds ඇතුළු වෛද්‍ය උපකරණ ඇතුළත් විය.
මෙම උපකරණ පරිත්‍යාග කිරීම සදහා බ්‍රැන්ඩික්ස් ආයතනය වෙනුවෙන් හසිබ් ඕමාන් මහතා සහ ශාක්‍ය කුමාරසිංහ යන මහත්වරු එක්වූ අතර එම උපකරණ තොගය බාරගැනීම සදහා සීදුව අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ
ප්‍රධාන වෛද්‍ය නිලධාරී වෛද්‍ය රසික ලියනගේ මහතා සහ ගම්පහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ වෛද්‍ය අනුර පාලිත සම්පත් යන මහත්වරු එක්වූහ.
කොවිඩ් රෝගීන් වෙනුවෙන් වෙන්කර ඇති සීදුව අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානය පවත්වා ගැනීම සදහා බ්‍රැන්ඩික්ස් ආයතනය විසින් සිය කර්මාන්ත ශාලාව පරිත්‍යාග කළ අතර එහි අළුත්වැඩියා කටයුතු කිරීමටද සිය දායකත්වය දක්වා ඇත.