පෙබරවාරි 24, 2025
tami eng youtube  twitter facebook

    නාගදීප පුරාණ රජමහ විහාරයේ අභිනව සැතපෙන බුද්ධ ප්‍රතිමාවේ නිදන් වස්තු තැන්පත් කෙරේ

    මැයි 27, 2021

    නාගදීප පුරාණ රජමහ විහාරයේ අභනවයෙන් නිර්මාණය වන සැතපෙන බුද්ධ ප්‍රතිමාවේ නිදන් වස්තු තැන්පත් කිරිම (2021 මැයි 26) උතුරු නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

    නාගදීප පුරාණ රජමහා විහාරාධිපති උත්තර ලංකාවේ ප්‍රධාන සංඝනායක අතිපූජ්‍ය නවදගල පදුමකිත්ති තිස්ස නාහිමිගේ අනුශාසනා පරිදි නාවික හමුදා නිර්මාණ ශිල්පීන්ගේ දායකත්වයෙන් නාගදීප පුරාණ රජමහ විහාරයේ අභිනව සැතපෙන බුද්ධ ප්‍රතිමාවේ නිර්මාණ කටයුතු සිදු වේ. ඒ අනුව අද (2021 මැයි 26) දිනට යෙදෙන වෙසක් පුර පසලොස්වක පොහොය දිනය නිමිත්තෙන් මෙම අභිනව සැතපෙන බුද්ධ ප්‍රතිමාවේ නිදන් වස්තු තැන්පත් කිරිම උතුරු නාවික විධානයේ ආඥාපතිගේ ප්‍රධානත්වයෙන් සිදු කරන ලදි.

     

    මෙම අවස්ථාවන් සදහා නාගදීප පුරාණ රජමහා විහාරාධිපති උත්තර ලංකාවේ ප්‍රධාන සංඝනායක අතිපූජ්‍ය නවදගල පදුමකිත්ති තිස්ස නාහිමි ඇතුළු ගරුතර මහා සංඝ රත්නය, ශ්‍රිලංනානෞ එළාර ආයතනයේ අණදෙන නිලධාරි ඇතුළු ජ්‍යේෂ්ඨ හා කනිෂ්ඨ නිලධාරීන් සහ නාවිකයින් සීමිත පිරිසක් සහභාගිවී සිටියහ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya