එහිදී මාධ්‍ය වෙත අඳහස් දැක්වූ අමාත්‍යවරයා , නෞකාවක ඇතිවන ගින්නක් පාලනය කිරීමේ දි නායකත්වය ගන්නේ වරාය හා ආරක්ෂක අමාත්‍යාංශයන් වුවද සිදු වෙමින් පවතින උවදුරින් වන හානි අවම කොට සමුද්‍ර පරිසරය ආරක්ෂණය කිරීමේ මූලික වගකීම තම අමාත්‍යාංශය සතු වන බව පැවසීය.
ගින්න පාලනය කිරීමට දැඩි වෙහෙසක් ගෙන සිටි නාවික හමුදාව සහ ආරක්ෂක අංශ මේ වන විට වෙරළට ගසාගෙන එන එම සියළු ම අහිතකර අපද්‍රව්‍යන් ඉවත් කිරීමටද ත්‍රිවිධ හමුදාවේ සහාය ඇතුව යුහුසුළුව කටයුතු කරයි.
අද අප නිරීක්ෂණය කළේ, ඔවුන් විසින් පිරිසිදු කෙරෙන කලාපයයි. ඒ වෙනුවෙන් මා සමඟ එක්වු නාවික හමුදාපතිතුමා ඇතුලු කන්ඩායමට මාගේ විශේෂ ස්තුතිය පුද කර සිටිනවා. එමෙන්ම වෙරළ පිරිසිදු කිරීමේ කටයුතු වලට සහාය දෙන ත්‍රිවිධ හමුදාව ඇතුලු අනෙකුත් අංශ සියල්ලටම මම ස්තුති වන්ත වෙනවා.
මේ වන විට වෙරළ තීරය කෙරෙහි විශේෂ අවධානයෙන් පසුවෙමින් කටයුතු කරන ආරක්ෂක අංශ වල උපදෙස් අනුව කටයුතු කරන ලෙසත් මෙම අහිතකර රසායනික ද්‍රව්‍ය සමඟ මුසු වූ දෑ තම නිවෙස් වෙත රැගෙන ගොස් තම පවුල් වල සාමාජිකයින් ද අවධානමට ලක්නොකරන ලෙස මෙම වෙරළ තීරය අවට වෙසෙන ජනතාවට කාරුණිකව මතක් කර සිටිනවා''යැයි අමාත්‍යවරයා පැවසිය