නැවේ සිට වෙරළට ගොඩ ගසා ඇති අපද්‍රව්‍ය වලින් විශාල පාරිසරික හානියක් සිදුව තිබෙන බවට පරිසර අමාත්‍යවරයාගේ නිරීක්ෂණයට ලක් විය.
මේ සම්බන්ධව වහාම පාරිසරික හානි ඇස්තමේන්තුවක් සකස් කරන ලෙස අමාත්‍යවරයා මධ්‍යම පරිසර අධිකාරිය ට උපදෙස් ලබා දී තිබේ.
එමෙන්ම සිදුව ඇති පරිසර හානිය සම්බන්ධයෙන් අදාළ නැව් සමාගම හා රක්ෂණ සමාගම් සමඟ සාකච්ඡා කර හානිය අය කිරීමට පියවර ගන්නා බවත් අමාත්‍යවරයා මෙහි දී කියා සිටියේ ය.
එමෙන්ම නැව විනාශවීමට ලක් වුවහොත් නැවේ ඉන්ධන සාගර ජලයට මුසුවීම නිසා විශාල පාරිසරික හානියකට මුහුණ දීමට සිදුවන බවත් ඇමැතිවරයා සඳහන් කළේ ය.
මේ අවස්ථාවට අමාත්‍යවරුන් වන නාලක ගොඩහේවා හා ලසන්ත අලගියවන්න යන මහත්වරු , අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ද එක්විය.