කුරිකට්ටුවාන් ජැටියේ සිට නයනතිව් දූපත දක්වා මගීන්, රථ වාහන ඇතුළු බඩු බාහිරාදිය වැඩි ප්‍රමාණයක් එකවර ප්‍රවාහනය කිරීම සඳහා මාර්ග සංවර්ධන අධිකාරිය මඟින් මෙම පාලම් පාරුව යොදා ගනු ලබයි. පසුගිය මැයි 16 වන දින පැවති අධික සුළං සහ රළු මුහුදු ස්වාභාවය හේතුවෙන් මෙම පාලම් පාරුවේ කොටසක් කුරිකට්ටුවාන් ජැටිය ආසන්න මුහුදේ ගිලී ගොස් තිබිණි.
මෙම පාලම් පාරුව අක්‍රීය වීම නයනතිවු දූපත්වාසී ජනතාවගේ එදිනෙදා කටයුතු සඳහා මහත් බාධාවක් බැවින්, උතුරු නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරාගේ උපදෙස් මත උතුරු නාවික විධානයේ ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ සහ විධාන කිමිදුම් අංශයේ දායකත්වයෙන්, මෙම පාලම් පාරුව ගොඩ ගැනීමේ හා අළුත්වැඩියා කිරීමේ මෙහෙයුම 2021 මැයි මස 17 වන දින ආරම්භ කරන ලදී.
ඒ අනුව මහත් පරිශ්‍රමයක් යොදා දින 10ක් පුරා සිදු කළ ගොඩගැනීමේ මෙහෙයුම්කින් පසු (මැයි 27) එම පාලම් පාරුව යලි ක්‍රියාකාරී තත්ත්වයට ගන්නා ලදී.
තවද, මෙම පාලම් පාරුව යලි ක්‍රියාකාරී තත්ත්වයට පත්කර දූපත්වාසී ජනතාවගේ ජනජීවිතය යථාතත්වයට පත් කිරීම සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් සහ රජයේ නිලධාරීන් නාවික හමුදාව වෙත ප්‍රශංසාව පල කර සිටින ලදී.