අද (28) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව සදහන් කළේය.
මෙම නෞකාව අවස්ථා දෙකකදි වෙනත් රටවල වරාය දෙකකට ඇතුළ් වීමට උත්සහ කීරිමේ දී එම රටවල් ප්‍රතික්ෂේප කර ඇති බවට පැතිර යන ප්‍රචාරය තමා ප්‍රතික්ෂේප කරන බවත්,මෙම නෞකාව ලංකා මුහුදු සීමාවට ඇතුළු වු පසුව ද කිසිදු දෝෂයක තිබෙන බවට පෙර දැනුම් දීමක් සිදු නොකළ බව ද අමාත්‍යවරයා කීය.
එසේ්ම,මාධ්‍යවේදීයෙකු නැගු පැනයකට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා පැවසුවේ,ගිනි ගැනීමකට ලක්ව ඇති මෙම නෞකාව මේ මොහොත වන විට මුහුදු බත් වීමේ අවධානමක් නොමැති බව ද සඳහන් කළේ ය.
එමෙන් ම නෞකාව ගිනි ගැනීම හේතුවෙන් සමුද්‍රීය පරිසරයට මෙන් ම වෙරළට බරපතල අවධානම් තත්වයකට පත්ව තිබෙන බවද සඳහන් කළේ ය.