අනතුරට පත් MV X-Press Pearl නෞකාව පිළිබඳ වත්මන් තත්වය පැහැදිළි කිරීම සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පරිශ්‍රයේ අද (28 දා) පැවති මාධ්‍ය හමුවකදී නාවික හමුදාපතිවරයා මේ බව පැවසීය.
වැඩිදුරටත් අදහස් දක්වන නාවික හමුදාපතිවරයා පවසන්නේ, බොහෝ දුරට නැවෙහි ගිනි නිවීම් ඉතා සාර්ථක මට්ටමින් කරගෙන යන බවත්, මෙම ගින්න මැඩපැවැත්වීම සඳහා නාවික සමුදාව විසින් මේ සඳහා භාවිත කළ හැකි විශාලම ඩෝරා යාත්‍රාව හා තවත් යාත්‍රා කීපයක් යොදවා ඇති බවත්, ගුවන් හමුදාවද ගුවනින් ගින්න මැඩපැවැත්වීම සඳහා සියලු කටයුතු සිදුකරන බවත්ය.
එමෙන්ම ඉන්දීය වෙරළාරක්ෂක බලකායට තෙල් කාන්දුවීම් සම්බන්ධයෙන් මෙහෙයුම් සිදුකිරීම සඳහා විශේෂ හැකියාවක් තිබෙන හෙයින් තෙල් කාන්දුවීම් වැනි සිදුවීමක් වුවහොත් ඔවුන්ගේ සහයද ලැබෙනු ඇතැයිද නාවික හමුදාපතිවරයා පැවසීය.